යුක්තිය පසිදලීමෙන් මිස අරැමෝසම් වැඩවලින් සංහිදියාවට මගක් නැත.

 

උතුරේ තරැණයා කැරළි ගැසුවේ ස්වකීය නිදහස සදහා මිස දකුණෙන් එන දෙමළ උරැවට ලීයූ සිංහල කොච්චි වල එන ඇත්තන්ට මල්මාල දමන්නට නොවේ. එහෙම මල්මාල මා පිළිගන්නට කියා දෙමළ ජනයාට බලකරන්නේ කරැණාරත්න පරණවිතාන වැනි කැනඩාවේ මහකොමසාරිස්ව සිටියදී සිංහල ජාතිකවාදය කරේ තියාගෙන බල්ටි ගැසූ අයවය. මේ නිසා මුලින්ම කියන්නේ දෙමළ ජනයාගේ සිය ජීවිත පුජාකර ගෙනයන සටන තොරොම්බල් ව්‍යාපෘති කිරීමට කිසිවෙකුට අයිතියක් තැති බවයි.

අප නැවතත් කියන්නේ දෙමළ – සිංහල සංහිදියාව යනු සංස්කෘතික ගැටලුවකට එහා ගිය ජාතියක ස්වකීය අයිතිය තිරණය කිරීම පිළිබද ගැටලුවක් බවයි. දෙමළ නිදහස් අරගලය යනු මහා ජාතියේ ආර්ථික සමාජීය දේශපාලන බලපුලුවන්කාරකමට එරෙහිව ගෙන ගිය සටනක් මිස සංස්කෘතික දෑත් දිගුකිරීමක් වෙනුවෙන් කළ සටනක් නොවේ. නිදහස් පසු එළබෙන ලංකාව තුළ දෙමළ ජනාය අරඹයා එල්ලකළ පිඩනය විවිධාකාර ස්වරෑපයන් ගනී. ඒ කොයි ස්වරෑපයන් ගත්තද එහි කොණ සිංහල ස්වෝතමවාදයේ බලපුලුවන්කාර කම සමග නිරන්තර බැදීමක් පවතී. ලංකාවේ කොළඹ මූලික සාම  ක්‍රියාධාරයන්ට පවා තේරැම්ගත නොහැකි වූ දෙය වූයේ එම විවිධ ස්වරෑපයෙන් එන සිංහල ස්වෝත්මවාදී අභිමතාර්තයන්ය.

එම නිසාම උතුර අරඹයා ඔවුන් සාක්ෂාත් කරගැනීමට උත්හස කරනු ලුබුවේ සිංහල ඔලුගොඩි තුළ ඇතිවන අදහස් මිස දෙමළ ජනයාගේ අභිමතාර්තය කුමක්ද යන්න නොවේ. මේ නිසාම විවිධ අවස්ථා වලදී  උතුර අරභයා වූ විවිධ සිංහල ව්‍යාපෘති දෙමළ ජාතික නිදහස අරගලය කෙරහි වූයේ මහා සිංහල සමාජය විසින් නිර්මිත අදහස්මය. ඒ නිසාම අවසානයේ සිදුවූයේ දෙමළ ජනයා නැවත නැවතත්  රැවටීම පමණි. නිදහසෙන් පසු කොළඹ මූලික සිංහල දේශපාලන අධිකාරිය විසින් සිදුකර ලැබූවේ එයය. කොළඹ මූලික මධ්‍යස්ථ සාමවාදීන් දැන හෝ නොදැන එහි කොටස් කරැවන් වුහ. ඉතිහාසය තුළ විවිධ අවස්ථා ඒ සදහා සාක්ෂිදරයි.

උදාරහණයක් ලෙස සංහිදියාව සහ සාම ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් කතාකරන බොහෝදනා දෙමළ විමුක්ති කොටි සංවිධානයේ භාවිතය සිය විවේචනයේ මූලික ලක්ෂය බවට පත්කර ගනිති. එය මූලික ලක්ෂය බවට පත්කර ඔවුන් අමතකර කරනු ලබන්නේ කොළඹ දේශපාලන අධිකාරිය සාමයට කෙතරම් අවංකද යන්නයි. අවසානයේ 2009 දී ඔවුන්ගේ සලු උනාදමා ඇත්ත මුහුණු ඇති සැටියෙන් සියලු දෙනාටම බලාගත හැකි විය.

දේශපාලන ගැටලු වලට අවැසි දේශපාලන විසදුම්ය. ලංකාව විෂයෙහි සංහිදියාවෙහි එකම මග යුක්තියම පමණය බව කරනු සහිතව අප මීට පෙරද රචනාවක් ලිව්වෙමු.

මේ බව පුනුපනා කියන්නේ කිසිවෙකුට හෝ කිසිදු කණ්ඩායමකට ගැරහීමේ අරමුණින් නොව මේ මොහොතේ දෙමළ අරගලයේ දේශපාලනය තනුක කිරීමේ වගකීම යම් කණ්ඩාම් සහ පුද්ගලයන් හට යහපාලන ආණ්ඩුව විසින් බාරදී ඇති බව පෙනීයන නිසාය.

දෙමළ හැඩයට ලියන සිංහල අකරැ කියන දේශපාලන අරැත එයලෙස අපට තේරැම් ගැනීමට අපහසු නැත. දෙමළ ජනයා විශයෙහි නිර්මාණය වන සංහිදියා ව්‍යාපෘති සම්බන්ධව අප කල්පනාකාරී වියයුත්තේ ඒනිසාය.

මේ නිච්චිත මොහොතේ අපගේ වගකීම කුමක්ද?

අප දකින ලෙස මේ නිෂ්චිත මොහොතේ වගකීම විය හැක්කේ දකුණේ ජාතිවාදී මතය දේශපාලනිකව පරාජය කිරීමට ව්‍යාපාරයක් ගොඩනැගීමය. එය අප ලියන තරම් පහසු නොවන්නේ දකුණේ අක්මුල් දක්වාම පසුගිය කාලය තුළ ජාතිවාදය සහ ඊනියා දේශප්‍රේමය උඩුදුවා ඇති නිසාය.

විශේෂයෙන්ම රාජපක්ෂ සාධකය ඉදිරියට දමා වික්‍රමසිංහ අගමැති විසින් කරන නව ලිබරල් ආර්ථික ප්‍රපත්ති හමුවේ දකුණ බැලන්ස කරන සාදකය ලෙස නැවත වටයකින් ජාතිප්‍රේමය එජාපය විසින්ද භාවිතකරමින් සිටින බව පෙනේ.

දෙමළ ජනතාව උදෙසා වු දේශපාලන විසදුමක සේයාවකවත් එකී දේශපාලන සංවාද තුළ හෝ එකී දේශපාලන කදවුරැ කාමර තුළ නැත. ඒ නිසා උතුරට තොරම්බල් සංහිදියා ගමන් යනවාට වඩා අප වෙසෙන කොළඹ මූලික පරණවිතානලාට ගයන්තලාට සිරිසේනලාට වික්‍රමසිංහලාට අප විසින් බලකල යුත්තේ දෙමළ ජනයාගේ නිදහස සම්බන්ධයෙන් වන අභිලාශයට දේශපාලනිකිව අමන්ත්‍රණය කරන ලෙසයි.

 

|Pasan Jayathilake \ 2016 \ 04\01   ‍්  ඡායාරෑපය ගත්තේ තරිදු උඩුවරගේ මුහුණු පොතෙන්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s