පැනමා පේපර්යේ දේශපාලනය – විකිලීක් කියන කථාව

 

ලොව පුරා සිටින වියාපාරික සහ දේශපාලන මාෆියාව විසින් තමන්ගේ වත්කම් ගිණුම් බදුවලට හසුනොවන ලෙස හැසිරවීමට යොදාගත් ඕෆේෂේට් සමාගමක් වන මොසැක් ෆොන්සැක් විසින් අදාළ පුද්ගලයන්ගේ නම් සහ විස්තර දැවැන්ත දත්ත ගබඩාවක් ලෙස ජර්මානු පුවත්පතක් වන සූඩිෂර් සයිතුං වෙත මුදාහැරීමෙන් අනතුරැව ඒ සම්බන්ධයෙන් ලෝක මට්ටමමේ අවධානයක් යොමූ වී ඇත.

කොටින්ම ලංකාවේ රංජන් රාමනායක පවා ඒ ගැන කථාකරන්නට පටන්ගෙන ඇත. දැනට ලැබෙන මාධ්‍ය විස්තර අනුව ලංකාවේ පුද්ගලයන් තිදෙනෙකුගේ නම එහි සදන වන බවත් කියවේ.

කොසේවෙතත් හදිසියේම පැනවාවෙන් මතුවූ මේ දැවැන්ත දත්ත ගබඩාවේ දේශපාලනය ගැන දැන් විවිද උදවිය සිය අදහස් දැක්වීමට පටන්ගෙන ඇත.

ඒ අතරින් සුවීශේෂීම අර්ථ දැක්වීමට එක්වී සිටින්නේ විකිලීක් වෙබ් අඩවියයි. ඔවුන් සිය ටුවිටර් පණිවුඩයක් මගින් චෝදනා කර සිටින්නේ එක්සත් ජනපද මානව ආධාර සංවිධානය වන යූඑස්එයිඩ් විසින් රැසියානු ජනාධිපති පූටින් ඉලක්කර ගනිමින් පැනමා පේපර් මුදාහැරීමට ආධාර කර ඇති බවයි.

එසේම ඔවුන් පැනමා පේපර් වෙත චෝදනා කර සිටින්නේ 99% දත්ත ප්‍රසිද්ද නොකර 1% පමණක් ප්‍රසිද කර ඈති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රකාශක සහ අයිස්ලන්තයේ විමර්ශණාත්මක ජනමාද්‍යවේදියෙකු වන ක්‍රිස්ටීන් හ්රස්සොන් පවසා සිටින්නේ විකිලීක් විසින් රාජතාන්ත්‍රික කේබල් පණිවුඩ මුදාහැර අවස්ථාවේදී කිසිදු සැගවීමකින් හෝ පේරණය කිරීමකින් තොරව සියලු දත්තයන් අන්තර්ජාලය වෙත මුදාහැරි බවයි.
ඔහු තවදුරටත් පවසා සිටින්නේ ඔවුන් කියන විට වගකීමක් සහිත ජනමාද්‍යවේදය ගැන මං සම්පූර්ණයෙන්ම එකග වෙන්න බෑ ඔවුන් එය භාවිතතයේ යොදවන ආකාරය සහ සමස්ථ කටයුත්තේ ස්වරෑපය සම්බන්ධව.
ලොව පුරා වමක කාර්යබාරය

තවමත් පැනමා පේපර් හී දේශපාලන සම්බන්ධව නිච්චිත අදහසකට පැමිණය නොහැකි වූවත් ලොව පුරා ප්‍රගතිශීලි වමක කාර්යභාරය ඉදිරියට පැමිණ ඇත. මන්ද පවත්න ධනේෂ්වර් ක්‍රමය විසින් සෑමවිටම සමාජය විවිධ පන්තීන් වෙත ආමන්ත්‍රණය කරමින් මැවීමට උත්සහ කරන්නේ පවතින විශමතාවයන් හී හේතුව ක්‍රමය යැයි වටහාගැනීමට නොව වෙනත් යකුන් මැවීමය.

උදහාරණයක් ලෙස ලොවපුරාම දුප්පත්කමට හේතුව ලෙස රාජ්‍යයන් විසින් අපට ඉලක්ක කර පෙන්වන්නේ අපේම පන්තියේ තවත් ජනකණ්ඩායමකි. අප ඒ දෙස බලාසිටින අතරතුර ව්‍යාපරික සහ රාජ්‍ය මාෆියාව විසින් අපගේ ධනය කොල්ලකා ඈති අන්දම පිළිබද පැනමා පේපර් සාක්ෂි දරයි.

වම මේ දත්ත සම්බන්ධව ක්‍රියානොකරන තාක්කල් රාජ්‍ය විසින් මේවා තමන්ගේ දේශපාලනය කලමනාකරණය කර ගැනීමට යොදාගන්නා ඇරෙන්නට වෙනත් දෙයක් සිදුවන්නේ නැත.

පසන් ජයතිලක

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s