(නවක) වදය සහ වදදීමේ සංස්කෘතිය

 

අන්තරයේ කිසිවෙකු නවක වදය විශ්යවිද්‍යාල පද්ධතියේ උප සංස්කෘතියක් යැයි කියනු ඇසිනි. එය අසා බඩපැලෙන්න හිනා ගියා සේම ඔක්කාරයට විත් වමනය දැන්මෙමු. මන්ද ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවන්නේ මෙවැනි හරක් නිසාවෙනි. නමුත් අප ඒ කාතාව වෙනත් මානයක් වෙත රැගෙන යන්නෙමු.

නවක වදය උප සංස්කතියක්නම් එහි මූලය සිංහල බෞද්ධ පරපීඩක සංස්කෘතිය පරාජය කළ යුතුය. නවක වදය සම්බන්ධයෙන් විවිධ වූ කතිකාවන් ගොඩනැගී ඇති මොහොතක අප පැහැදිලිව කියන්නේ නවක වදය යනු තමන්ගේ අධිපත්‍ය අනෙකා මත පිහිටවීම උදසො ජවිපය විසින් ගෙනා ලංකාවේ ශිෂය ව්‍යාපාරය තුළට ගෙන ආ සංස්කෘතික ගුඩකමකි. දැන් ජවිපය හැසිරෙන්නේ කිසිත් නොදන්න බබා මෙනි. මන්ද දැන් ඔවුන්ට අන්තරය හැසිරවීමට බලයක් නොමැති හෙයිනි.

කිසිදු ආකාරයේ පීඩනයන්ට අපි විරැද්ධවන අතරම අප පීඩනයන්ගේ මූලයන්ටද විරැද්ධ විය යුතුය. දැන් බහුතර ප්‍රජාවක් හැසිරෙන්නේ අප ඉතා වැදගත් පිරිසක් මෙනි. මැයි මාසයේදී මේ කතිකාව එක පැත්තකින් අතිශය තියුණු දේශපාලන මානයන් වෙත අප රැගෙන යයි.

සිංහල බෞද්ධ මිනීමරැ හමුදාව විසින් 2009 මැයි මාසියේදී දහස් ගණනක් දෙමළ ජනයා මරාදමන විට දැන් පරපීඩකත්වය ගැන දේශනා පවත්වන ආචාරීලා ඇතුලු පිරිසද අන්තරයද සිටියේ එකම කදවුරකය. නැගෙනහිර සරසිවියෙන් ට්‍රාන්සර් එකක් ගෙන කැළණියට පැමිණි දෙමළ සහෝදරියන් පිරිසකට රැග්කිරීමට එරෙහිව ගිය විට එයට ලැබුනේ රාත්‍රියේදී මගරැක සිටි මිරිස්කුඩු ප්‍රහාරයන්ට ලක්වීමටයි.

මේ ගැන සාකච්චා කිරීමට එවක අන්තරයේ ප්‍රධානියා මුනගැසුනු විට ඔහු කීවේ අපි කාපු කට්ට උනුත් කන්න ඕනෑ කියයා.

අප කියන්නේ නවක වදය උප සංස්කෘතියක්නම් වදදීම ලංකාවේ මහා සංස්කෘතිය බවයි. එම වදදීමේ සංස්කෘතිය පරාජය නොකර නවක වදය පරාජය කිරීමේ හැකියාවක් නොමැත. මානසික සහ ශාරීරිකව තමාගේ අනෙකාට වදදීම වසර දහස් ගණනක් තිස්සේ මල් බැස් ඇති මනෝබාවයකි. නවක් වදයට අමතර වද ලංකාවේ කොතරම් තිබේද. උදාහණයක් ලෙස ගෘහස්ත වදහිංසා කොපමන ලංකාවේ සිදුවේද. ලමා වද හිංසා කොතරම් ලංකාවේ සිදුවේද. විශ්ව විද්‍යාල තුළ වදහිංසාවෙන් තොර කලාපයක් කිරීමටනම් අප රටක් ලෙස සියලු ඝනයේ වදහිංසංවෙන් ඔබ්බට යා යුතුය. නීති සකස් කළ යුත්තේ වද හිංසා වෙන් ආරක්ෂාවීමටය. එය සියලු රටවැසියන්ගේ මුලික අයිතියකි.

තවත් සහෝදර ජාතියක් ලක්ෂ ගණනකා සාමූහික ලෙස ඝාතනය කිරීම සාමූහික ලෙස සැමරෑ රටකට වදහිංසාව නැවත්විය හැකිද/

හැකිය. එය කල හැක්කේ අනෙකා ඉවසීමට අනෙකාට ගරැකිරීමට දන්නා සමාජයක් තුළය. සමාජවාදය යනු අන්තරේ මල්ලා හිතන් ඉන්න විදිහට කැන්ටිමේ මාක්ස් ලෙනින්ගේ රෑප එල්ලීමනම් ඒ මල්ලිලාට කියන්නේ සමාජවාදය යන වචනාර්තය දූෂණය නොකර ලෙසයි.

සමානාත්මතාවය මහා සමාජයට අදේශ කිරීමට පෙර අවම වශයෙන් පවුල්තුළ හෝ මිත්‍ර සමාගම් තුළ සමානයන් ලෙස හැසිරීමට සමානයන් ලෙස අනෙකාට ගරැකිරීමට අප අවම වශයෙන් ඉගෙන ගත යුතුය.

අවසාන වශයෙන් අප කියන්නේ මාක්ස්ගේ සහ ලෙනින්ගේ රචනා සහ වෙලුම් සියල්ල කටපාඩම් කළද සමාජවාදියෙකු විය නොහැකි වන්නා සේම ආචාර්යවරැන්ගේ සම්මේලනයට ඇතුලු පිරිසට කියන්නේ නවක වදය නැතිකළ සැනින් විශ්වවිදයාල පද්ධතිය වදයෙන් තොර වන්නේද නැත.

ඒ සදහා අප ආරාධනා කරන්නේ සියලු දෙනා එක්ක වදදීමේ මහා සංස්කෘතිය පරාජය කළ යුතු බවයි. එසේම වින්දිතයන්ට යුක්තිය ඉටුවිය යුතු බවයි.

පසන් ජයතිලක

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s