තවත් මල් මිලින වන්නට පෙර ගිටාරයෙන් වෙඩි තියන්න එන්න

ඔ බ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි.
නමුත් උනන් හා  ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි.

අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි.

ඝාතනය සඳහා වන මොනම හේතුවක්වත් මම විශ්වාස නොකරමි.

යථාර්ථය විසින් පරිකල්පනය සඳහා බොහෝ දේ ඉතිරි කර තබයි.
ඔබ විනෝද වීමට වැය කල කාලය නාස්ති වී නොමැත.

–    ජෝන් ලෙනන්

ගෙවමින් සිටින මේ නිශ්චිත නිමේෂයේදී  අප සමාජයට උවමනා කර තිබෙන්නේ ලෙනන් කී පරිදිම එක්ව දැකිය හැකි සිහිනයකි. ඒ සිහිනය යාථාර්ථයක් දැක්වා කැඳවාගෙන යා හැක්කේ ද කොන්දේසි විරහිත විමුක්ති සම්මුතිකයකටම පමණි.

අපේ කාලය එළඹෙන්නේ වසන්තයක් රැුගෙන නොව අපේ මල් පාත්තියේ පීදෙන්නට ඔන්න මෙන්නව සිටි අවසන් මල් පොහොට්ටුව මතින්ද ඉතිහාසයේ බුල්ඩෝසර ඇදීගිය පසුවය. එම නිසා සියල්ලෝ ගල් ගැසුණු මේ අයිස් යුගය නැවත් සහෝදරත්ව උණුසුමින් වැළඳ ගැනීමේ අසීමිත ලලසාවෙන් පසුවෙයි.

ඒ නිසාම මේ මොහොතේ එම උණුසුම සමාජය වෙත නැවත කැඳවීමේ අභියෝගය අප සැමට අභිමුඛ වී ඇත. පවතින ක‍්‍රමය තුළ සියලූ මානව සම්බන්ධතා වෙත මිලක් නියමවෙද්දී, සමස්ත විමුක්තිය සොයායාම වෙනුවට ස්ව්‍යං විමුක්තියක් යෝජනා වෙද්දී පවා සමහර මිනිසුන් සහ ගැහැණුන් අපරිමිත ධෛර්්‍යයෙන් යුගය විසින් තමන්ට පවරන ලද අභියෝගයට මුහුණ දෙමින්  සිටිති.

අපේ කාලයේ වීරයන් දෑස් ඉදිරිපිට දකුණේ මාවතක් මාවතක් ගානේ ටයර් සෑයවල් මත අළුව යද්දී,  මුල්ලිවෛයිකාල් ලූණු පස මත සුනුවිසුනු වී යද්දී ඒ අළුමතින් නැගිටින්නට ෆීනික්ස් කුරුල්ලා තවම පැමිණ නැති මොහෙතක නැවත සමස්ත සමාජයම මේ මහා නිද්‍රාවෙන් අවධිකිරීමේ කාර්ය නිතැතින්ම  කලාකරුවා වෙත පැවරෙයි.

‘මරාසාද්’, මරා රජයේ ප‍්‍රධාන උපදේශකයකු බවට පත්වෙද්දී, ජාතිවාදයට එරෙහි රත්නවල්ලියේ සංගීතය රියලිටි වැඩ සටහනක් දක්වා විතැන්වෙද්දී  අපේ කලා සගයන් නැවත වටයකින් සංවාද ගත කිරීම අනාගතයට කරනා උත්කෘෂ්ට අයෝජනයක් විය හැකි බැවින් අපේ කාලයේ විකල්ප සංගීතය සම්බන්ධව අලූත් කතිකාවක් ආරම්භකිරීමට මේ නිමේෂය අපට බලකර සිටී.

අපේ කාලයේ  විකල්ප සංගීතය ඇරඹෙන්නේ  89 තරුණ නැගීටීම  යටපත් කර දැමීමට දියත් වූ මර්දනයට විරුද්ධව මතු වූ  විමුක්ති ගීත සම්ප‍්‍රදායෙන් සහ ඊට සමාන්තර බිහි වූ නන්දාමලනී- සුනිල් ආරියරත්න යුගලය –  විසින් කළ පවන, පේ‍්‍රමසිරි කේමදාසගේ –  කිලර් ආදී සංගීත කෘති ආශ‍්‍රයෙනි.

නමුත් දේශාපාලන කතිකාව ජාතිවාදය දක්වා තල්ලූවීමෙන් පසුව එම ආරයේ කෘතීන් සියල්ලෙහි  තිබූ වචනාර්ථයන් ජාතිවාදය පෝෂණය කරන තැන දක්වා දිගු වූ අතර එවැනි  තතත්ත්වයක් තුළ එම නිර්මාණ තවදුරත් විකල්ප ධාරාව  නොව අධිපති දෘෂ්ඨිවාදය පෝෂණය කරනා තැනක් දක්වා විතැන් වී ගියේය.

සමහර නිර්මාණ එම දේශපාලන ව්‍යාපෘති තුළින්ම එහි වූ ජීවගුණය මරාදැමුණී.

වේලූපිල්ලේ අයියේ මට සමාවෙයන්
වේල් පෙරහැරේ මම නුඹලට බැන්නා
දෙවේලේ නුඹලා තල තෙල් ගඳයි කියා
වේල නොකා හිටියත් මං බැලූවේ නෑ

මේ වැනි දෙමළ සිංහල සහෝදරත්වය ගැන ලියවුනු ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී එම දේශපාලන ව්‍යාපෘතිය තුළදීම වේලූපිල්ලේ අයියලා දහස් ගණනක් මරාදමන්නට අන්ත ජාතිවාදයටකට විතැන් වීමෙන් ඒවා  වචන  බවට පමණක් පත් විය.

විමුක්ති ගී සහ එකල එම ධාරාවේ බොහෝ නිර්මාණ ජාතිය සහ මව්බිම පදනම් කරගත් පටු දේශාපලන සීමාවන්ගේ සිරව නිර්මාණය වී තිබූ නිසාම එම කාලය තුළදී විකල්ප ධාරාවේ තබා විඳි ආශ්වාදය මේ යුගයට අදාළව විඳිය නොහැකි වී තිබේ. හේතුව එහි වන දේශපාලනික සීමාවන්ගේ වන  පටුකමය.

විශේෂයෙන් ලෝක ධාරාවේ සංගීතය  යුධ විරෝධී, ක‍්‍රමවිරෝධීව ප‍්‍රති සංස්කෘතික අර්ථයෙන් ගොඩනැගෙද්දී අපේ මුල්කාලීන විකල්ප ධාරාවේ සංගීතය ජාතිය මව්බිම පදනම් කරගනිමින් නිර්මාණය විය. එම පටු මනෝභාවය නිසාම එම දේශපාලන ව්‍යාපෘති පමණක් නොව ඒවාට සම්බන්ධව වූ ශිල්පීන් පවා දේශපාලනිකව ජරාජීර්ණ වී යන ලදී.

විශේෂයෙන් ලෝක විකල්ප සංගීතයේ ලෝක ධාරව එම රටවල දේශපාලනයට අතිශය බලපෑම් සහගත විය.  ඇමරිකානු අධිරා්‍යවාදීන්ගේ වියට්නාම ආක‍්‍රමණයට එරෙහිව ජෝන් ලෙනන් සිය කටහ`ඩ අවදිකලේ යුද විරෝධී ව්‍යාපාරායේ පතාක යෝධයෙකු බවට පත්වෙමිනි. වොෂින්ටන් නගරයට ඒකරාශී වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔහුගේ ඨසඩැ ඡුැ්ජැ ් ක්‍ය්බජැ  ගීතය එක්ව ගායනා කරමින් එම අධිරාජ්‍යවාදී යුද්ධය නවතන ලෙස බල කළහ.

 

Everybody’s talking about
Bagism, Shagism, Dragism, Madism, Ragism, Tagism
This-ism, that-ism, ism, ism, ism.

All we are saying is give peace a chance
All we are saying is give peace a chance

C’mon
Everybody’s talking about Ministers,
Sinisters, Banisters and canisters
Bishops and Fishops and Rabbis and Pop eyes,
And bye bye, bye byes.

All we are saying is give peace a chance
All we are saying is give peace a chance

එම ව්‍යාපාරය තුළ ලෙනන් ගේ බලපෑම කෙතරම්ද යත් රිචඞ් නික්සන් ආණ්ඩුව දින 60 ඇතුළතදී රටින් පිටවන ලෙස ඔහුට නියෝග නිකුත් කෙරුණි.  එයට රිචඞ් නික්සන් වෙත සිය ප‍්‍රතිචාරය දන්වා සිටියේ පුවත්පත් සාකච්ඡුාවක් කැඳවමින් ” ඉඩ-කඩම් නැති, සීමා මායිම් නැති, පාස්පොට් නැති, මිනිසුන් පමණක් ම වෙසෙන නුටෝපියානු රාජ්‍ය බිහිවීම පිළිබඳ නිවේදනය කරමිනි. ”  ලෙනන් අධිපති දෘෂ්ඨිවාදී දේශපාලනයට  එපිටින් තම සංගීත භාවිතාව පිහිටුවීය.

පොදු යහපත උදෙසා කටයුතු කරන මිනිසුන්ට..
මිනිසාගේ සමානාත්මතාව සුරකින සාධාරණත්වයට…
ජීවිතය විඳීමට ඉඩ සලසන සාමකාමීත්වයට….
අනෙකාගේ නිදහස කෙලෙසන නිදහස නොව සැමගේම නිදහසට…

එසේ ගයන්නේ තමන්ගේ ජීවිතයේ අවසන් තත්පරේදී තමන් විශ්වාස කළ අරමුණ වෙනුවෙන් කැපකළ වික්ටර් ලිඩියෝ හාරා මාර්ටිනේස් නැතහොත් වික්ටර් හාරාය. සමාජවාදයේ  ද එහි වූ ජීවන පැවැත්මේද අපරිමිත ආශ්වාදයෙන්  ඔහු ලෝක ධනපති දෘෂ්ඨියට විකල්පව සිය සංගීතය පිහිටවීය.

1973 සැප්තැම්බර් 11 වැනිදා  චිලියේ ක‍්‍රියාත්ම වූ හමුදා කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස චිලියේ සමාජවාදී ආණ්ඩුව පෙරලා එහි ජනාධිපති වූ අයියන්දේ ඝාතනය කරනු ලැබීය.

අත්අඩංගුවට ගනු ලැබූ වික්ටර් සහ තවත් දහස් ගණනක් වූ පිරිස්, සිරකරුවන් ලෙස ක‍්‍රීඩාංගනයකට රැුගෙන යනු ලැබීය. බොහෝ දෙනෙක් එහිදී අනේක විද වධ වේදනාවලට ලක් වෙමින් මිය ගියහ. වික්ටර් ද දිගින් දිගටම හමුදා සෙබළුන්ගේ වධ වේදනාවලට ලක්විය. ඔහුගේ ඉල ඇට මෙන්ම දෑත් ද කඩා දැමුනි. එම බිහිසුණු සිදුවීම සියැසින් දුටුවන් පවසන පරිදි දෑත් කඩා දැමූ වික්ටර් ට ඇතැම් හමුදා සෙබළුන් අවඥා සහගත ලෙස ”හැකිනම් දැන් ගිටාර ගහපන්” යැයි පවසා ඇත. වික්ටර් එහිදී ”වෙන්සෙරෙමොස්” (අපි දිනන්නෙමූ* නම් ගීතය ගයනු ලැබීය.

මා මුලින් සඳහන් කළ පරිදිම අපේ කාලය එළබෙන්නේ අපේ මල්පාත්ති මත වූ අවසන් මල් පොහොට්ටුවද තලා පොඩිකර දැමූ පසුවය. සියලූ පිළිම පුපුරා සුනුවිසිනු වී ගිය යුගයක  අපේ කාලයේ විකල්ප සංගීතය බිහිවන්නේ දේශපාලන ව්‍යාපෘති ආශ‍්‍රයෙන් නොව එම මේ යුගයේ වචනයකින්ම කියනවානම්  උණක් ලෙසය.

අපේ කාලයේදී ජෝන් ලෙනන් පවා ස්ථානගත වන්නේ විකල්ප සංගීතය තුළ නොව ජනප‍්‍රිය එෆ් එම් සංස්කෘතිය තුළය. මෙවැනී වූ අංකලංචි රැුසක් මත බිහිවන මේ යුගයේ විකල්ප සංගීත ධාරාව බිහිවන්නේ සෘජු විකල්ප හෝ ක‍්‍රමවිරෝධී අර්ථයෙන් නොව ප‍්‍රතිසංස්කෘතික අර්ථයෙනි.

අජිත් කුමාරසිරිව ගත්තද, චින්තක ගීතදේව, ශාක්‍ය වීරසිංහ  ආදී කොළඹ මූලික කරගත් සංගීත ශිල්පීන් ගත්තද ඔවුන් සෘජූව දේශපාලය හා නොගැටෙන අතර ඔවුන්ගේ ගීත නිර්මාණවල ඈත්තේ පවතින සංස්කෘතක  තත්ත්වයන්ට සෘජූ විවේචනයකි. එය විග‍්‍රහයක් තුළ අපට දේශපාලන විවේනයක් දක්වා පෙරළාගත හැකිවීම වෙනම වූ කාරණයකි.

විශේෂයෙන් අජිත් සිය මුල්කාලය විවිධ දේශපාලන කණ්ඩායම් සමග සහ සම්බන්ධවෙමින් සිය සංගීත භාවිතය විකල්ප දේශපාලන ධාරාවන් සමග සමාන්තරව ගෙන ගියද තැනකින් පසු ඔහුගේ භාවිතය දේශපාලන ධාරාවෙන් ඉවත් වී සංස්කෘතික කලාපයක් දක්වා විතැන් වෙයි.

අජිත් කුමාරසිංහට වාම හැඩයක් දෙන්නේ හිරු කණ්ඩායම විසිනි. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි 2006 හිරු කණ්ඩායමේ අනුග‍්‍රහය සහිතව අජිත් රොක් අයි.එස්. ඕ කියා ප‍්‍රසංගයක වෙත මුලපුරනු ලැබුවේ.  එවිට අජිත් ගේ සංගීතය සහ එම සංගීතය ඔස්සේ හිරුකණ්ඩායම ගොඩනැගු තර්කයෙන් අජිත්ද හිරුකණ්ඩායමද අන්තර් පෝෂණය වෙමින්  අජිත්ගේ සංගීත රටාව ලංකාවේ විකල්ප සංගීත කලාවට නව මානයක් එකතු කරනු ලදි.

2012 වනවිට ‘නෝ මෝ මාක්ස්’  ප‍්‍රසංගය තුළ  මුලින් සඳහන් කර පරිදිම දේශපාලන  ධාරවෙන් ඉවත් වී සංස්කෘතික කලාපයක් තුළ ස්ථාන ගත කරනවා. එවිට මුලින් පැවති දේශපාලන විවේචනය වෙනුවට අජිත්ගේ සංගීතය ස්ථාන ගතවෙන්නේ සංස්කෘතික විවේචනයක් තුළ.

උදාහරණය ලෙස අජීත්ගේ ඛදඩැ * ඪධඔෑ

ග‍්‍රීස් ගහේ මුදුනටම ගියා
මං
ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා
සිංහල අවුරුදු දවසේ
මෙය දේශපාලන විවෙනයක් දක්වා දිගුකළ හැක්කේ දේශපාලන ව්‍යාපෘතියක පමණි. එසේ නොමැති වූ තැන් පටන් එය සංස්කෘතික විවේචනයක් දක්වා පටු වෙයි.

ඒ ලෙසම ශාක්‍ය වීරසිංහ, චින්තක ගීතදේව, පාලිත අබේවර්ධන, තිලක් මේ සියලූ දෙනාගේම සංගීතයේ පොදු ලක්ෂයක් ලෙස ගත හැක්කේ පවතින දෘෂ්ටියට ප‍්‍රතිපක්ෂිව සිය නිර්මාණයන් පිහිටුවීමයි.  නමුත් එම දේශපාලන විවේචනයක් දක්වා  දිගුකර ගැනීමට අවශ්‍ය දේශපාලනික මැදිහත් වීම ඔවුගේ නිර්මාණවලටද ලැබී නැත.

එක් අර්ථයකින් මේ යුගය දේශපාලන ව්‍යාපෘතීන් බොහෝමයක් අර්බුදයට ගිය යුගයකි. එම නිසාම සමාජයට අවශ්‍ය දේශපාලන දිශානතිය පෙන්වීම දේශපාලන ව්‍යාපෘති තුළින් බලාපොරොත්තු විය නොහැකි යුගයකි.

මෙවැනි හේතු ගණනවාක් නිසාම  ලංකාවේ විකල්ප සංගීතයේ සීමාවන් මේ කාලය වන විට වඩාත් පටුවී ඇත. උදාහණයක් ලෙස ගුණදාස කපුගේගේ

බිම්බරක් සෙන`ග ගැවසුණුු
චන්ද්‍ර සූර්යා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ …

ගීතය හා තිලක්ගේ

දවසක් මන් පාරදිගේ
ඔහේ ඇවිඳගෙන ගියා
වෙන කරන්න දෙයක් නැති හිංදා
ඔහේ ඇවිද ගෙන ගියා

කියන ගීතය වෙනස් වන්නේ කොතැනින්ද? එය විකල්ප සංගීතයක් වන්නේ වෙනස් වචන ටිකක් කී පමණින්ද වෙනත් දේශපාලන භාවිතයක් තුළද? එසේත් නැතිනම් වෙන යමක් තුළද? මෙය අපේ කාලයේ විකල්ප සංගීතය ගොඩැනැගීමේදී කතිකා ගත කළයුතු මාතෘකාවකි.

යුගයකදී විකල්ප ධාරාව නියෝජනය කළ බොහො දේ ඊළ`ග යුගයේදී මහා සංස්කෘතිය විසින්ම කාලයානුරූපීව එයට අවශෝෂණය කර ගනී. එදා නන්දා මාලනී, ගුණදාස කපුගේ වැන්නන් පවැති තත්ත්වය විවේචනය කරමින් කළ නිර්මාණ අද දවසේ කැසිකල් සංගීතය බවට විතැත්වී ඇති අතර අද එම සංගීත සංස්කෘතිය තුළ විග‍්‍රහ කරන්නේ පැවති සමාජ සන්දර්භය ඉවත් කොටය. එනම් එම නිර්මාණ බිහිවීමට බලපෑ සාරය ඉවත් කොටය. එයට විෂයෙහිම සාරයක් ඔබ්බවා ඇත.

අද දවසේ අපේ යුගයේ විකල්ප සංගීත සගයන්ට අභිමුඛ වී තිබෙන ප‍්‍රධාන අභියෝගය නම් පවතින සමාජ දේශපාලන අර්ථික තත්වයන් සංගීතයට මුසුකරන්නේ කෙසේද? එය තාලයට හා නාදයට පමණක් සිදුකළ හැකිද යන්නයි.

පසුගිය කාලයේ ලොවම කැළඹූ   මේ නිශ්චිත මොහොතේදී රුසියාවේ පවතින අධිපති දේශපාලන මතවාදයට සහ ආගමික දෘෂ්ටියට එළිපිටම සිය සංගීතයෙන් අභියෝග කළ ‘පුසි රයිට්’ පංකි රොක්  සංගීත කණ්ඩායම ගැන අන්තර් ජාලය ඔස්සේ විවිධ වූ තොරතුරු ගලා එන්නට විය. ඔවුන් රුසියාව තුළ සිදුකළ සංගීත මෙහෙයුම  නීරීක්ෂණය  කිරීමේදී පැහැදිලි වන එක කරුණක් නම් තවදුරටත් විකල්ප සංගීතයට සංගීතය සහ හ`ඩ තුළ පමණක් පිහිටිය නොහැකි බවයි. ඒ නිසාම ‘පුසි රයිට්’ ඔවුන්ගේ රටේ පවතින බල රටාවට , ආගමික සංස්ථාවට විරුද්ධව සිය සංගීතමය ඉදිරිපත් කිරීමට ප‍්‍රසිද්ධ දේවස්ථානයේ අල්තාරය තෝරාගත්තා පමණක් නොව එහි ගායනා ශෛලියට දේව යාඥා ශෛලියද ආදේශ කළේය. සත්‍ය ලෙස එය විකල්ප සංගීතමය වික‍්‍රමයක් විය. රුසියාව පමණක් නොව ලෝකයේ සතර කොනම කළඹන්නට ඔවුන්ට හැකිවිය.

එම සංගීත මෙහෙයුම මෑත ඉතිහාසයේ විකල්ප සංගීතයේ විප්ලවීය වෙනස ඇතිකළා යැයි කියතහොත් නිවැරදිය. එනිසා අපගේ විකල්ප සංගීත සගයන්ට යෝජනා කිරීමට ඇත්තේ සංගීතය සහ පද රචනා වලින් පමණක් තවදුරටත් විකල්ප ධාරාවට පැවතිය නොහැකි බවයි.

එක් පසෙකින් මේ මොහොතේදී සමාජයේ  තත්ත්වය පිළිබඳ තමන්ට තියුණු සහ දියුණු විග‍්‍රහයක් තිබිය යුතු අතරම අනෙක් පසෙකින් එම විග‍්‍රය ඔස්සේ ගොඩනැගෙන සමාජ දේශපාලනික ආර්ථික විග‍්‍රහය සමාජ ගත කරන්නේ කෙසේද යන්නට වඩා පුළුල්ව අභා්‍යාස කළයුතු, සංකල්ප ගොඩනැගිය  යුතු අවධියක් අප සැමට අභිමුඛ වී ඇත.

මේ සමාජ මොහොත එලෙස නව අභ්‍යාසයක් ඔස්සේ අතික‍්‍රමණය කරන්නට එම සංගීතයට හැකි වූවහොත් එවිට එය සීතලින් ගල් ගැසුණු මේ යුගයට නැවත  සහෝදරත්වයේ උණුසුමේ මිහිරියාව කැඳවාගෙන නොඅනුමානය.

සංවාදයට විවෘතයි !

Pasan Jayathilake- පසන් ජයතිලක / 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s