ලංකාවම වලක් ලෙස

වලවල් කිව්වාම ලංකාවේ කෙරවලක් නැති ඉතිහාසයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි වලවල් කපන්න ගත්තේ පුංචිම කාලේ. ඒ බිං කුන්ඩෝ නටවන්න. එහෙම පටන් ගන්න ගැනිල්ල හාරනවා තවම හාරමින් ඉන්නවා. ඊට පස්සේ අපි කරන්නේ බොරැ වලවල් කපනවා . පොල් අතු උඩින් දාලා පස් දාලා යාලුවෝ අපේ හුරතල්ල වැටෙනවා දැකලා සංතෝෂවෙන්න. පස්සෙ කාලෙක අම්මා කිව්වාම කුණුවලවල් කපනවා. ඒ කපන්නේ අනිත් අයගේ වත්තට කිට්ටුව අපේ ගෙදරට ටිකක් ඈතින් මොකද එතකොට අපිට අපේ කුණුවල ගද එහෙම එන්නේ නෑ. ඒක යන්නේ තව කාගෙන් හරි.

ඊට පස්සේ එකම වත්තේ ලිං දෙකක් කපනවා. එහෙම වෙන්නේ කසාදයක් එහෙම බැදලා ෆැමිලි වෙන්න ඕනේ වුනාම එනවා දොළදුකක් ඉඩ කඩං අත්පත්කරගැනීසේ තන්නාහ. ඊට පස්සේ මුලු ජීවිතේම කරන්නේ අපේ ළිද ළගට ගිහින් බලන එක අපේ ලිදේ වතුර අරැන්ගේ ලිදට ඇදලද කියලා.

ඔය අස්සේ කක්කුස්සි වලක් කපන්න වුනොත් බලන්නේ කාගේ හරි වැටක් අයිනට වෙන්න. අපේ ළිද බේරගන්න. අනෙක් ලිදවලට අපේ අසූචිවලින් ආසාදනය වීම අපිට ප්‍රශ්නයක් කර නොගන්න.

ඔන්න ඔය කාලෙදි තමයි අපි පවුල දෙන්නා තුන්දෙනා වෙලා තුන්දෙනා හතරදෙනා වෙන කොට අර පුංචි කාලේ යාලුවෝ වට්ටන්න හදපු බොර වලවල් සමාජයේ ඇතුලේ රස්සවාල් ඇතුලේ වැඩබිමේ හදන්න පටන් ගන්නේ. ඒක වෙන්නේ මගේ ලෝකය සෙන්ටර් සහ කොන්ෂස් වෙන්නේ මගේ පවුල වටා පමණක් වීම.

ඔය වලවල් කැපීම ඉවරයක් වෙන්නේ නෑ. එකක් ඉවර වෙනකොට එකක් කපනවා. සමහර වෙලාවට තමන් කපපු වලවල් වලම තමන් වැටි වැටී තවත් වලවල් කපනවා. ඔන්න ඔහොම දෙකොටියක් විසින් වලවල් කපමින් ඉන්න රටක් තමයි පෙරාදෙනියේ වළ කියලා දේවාලයක් තියෙන්නෙත්. ඒක වලක් කිව්වාට වලක්ම නෙමෙයි .ඒක දේවාලයක්. සරත්චන්ද්‍ර ලොක්කා බැල්ම දාගෙන ඉන්නේ. එක් වැලිකැටයක් පවා සෙලවෙන කොට සරත්චන්ද්‍රයන්ගේ ආත්මය සෙලවෙනවා. කියලයි ඒ දේවාලයේ අය හිතන් ඉන්නේ.

තවත් දේවාල තියෙනවා. මට මතකයි ඔය කැලණිය දේවාලයේ තේල් බැම්බ උඩ ඉදගෙන ඉන්න කොට වලක් කපමින් පැමිණි සීනියර් වල්කපන්නෙක් මට තගක් දැම්මා.

ඒ බැහැපං ඕකෙන් බිමට. උඹ ඔය කකුල තියන් ඉන්නේ විරැ සිසුවෝ ඉදන් හිටපු තැනක. තෝ දන්නේ නැද්ද?

රත්නපුරේ යාර හතරට එරෙන වෙල්වල වලවල් කපපු අපිට සීනියර් වල්කපන්නෝ අදාල නැති නිසා මාත් ඇරියේ නෑ.

මං එයාට එයාගෙම පන්නයේ උත්තරයක් දුන්නා.

ආආහ්. එහෙමද? ඇත්ත තමයි නේ. මේ මූසලයා උඹ ඔය හොරිකඩ කකුල තියන් හිටන් ඉන්නේ විරැ ශිෂ්‍යයෝ වැලලිලා ඉන්න උන් ඇවිද ගිය මහ පොලවේ. ඒ හිංදා උඹ කකුල් වලින් ඇවිදින්නේ නැතිව බඩගාගෙන පල.
ඒ  සීනියර් වල්කපන්නනාගේ බඩගැම කෙසේ වෙතත් දේවලයෙන් එළවන්නම මිරිස් ගැහුවු අපිට. ඔන්න ඔහොමයි ඒ දේවාලෙ වගතුග

මේවා කියන්න හේතුව වෙන්නේ එක්සිබිෂන් එකක් තියන්න ගිය බේකරියේ කට්ටියට පේරාදෙනිය දේවාලයේ දේවාරක්ෂකයෝ විසින් පතබෑමේ සිද්ධිය මුල්කරගෙන.

අපි  මේ සිදුවීම ගන්නේ හුදකලා සිදුවීමකට වැඩිය ශිෂ්‍ය දේශපාලනයේ තියෙන අගතිගාමී ගතිලක්ෂණ සහ විශ්වවිද්‍යාලය කියන රාජ්‍ය යාන්ත්‍රනය විසින් බිහිකරන කොන්සවේටිව් කියන මිහිහා ප්‍රයෝගිකව දකන්න ලැබෙන අවස්ථාක් ලෙස හා  සමස්ථ සමාජයේ අගතිගාමී කමේ ප්‍රකාශණයක් ලෙස. මොකද ශිෂ්‍යන්ට සමාජ අගතීන්ගේ වෙන්න පැවතීමට නොහැකි නිසා.

වලවල් කියන ඒවායේ ලාංකීය අර්ථය පැහැදිලි කරන්න ගියාම අපට හම්බවෙන්නේ පුංචි නැපෝලියන්ලා. ඒ කියන්නේ තමන්ගේ කියන ටෙරටොරි හදාගත්ත ඒවාට තමන් විසින් අර්තකථනය කරපු නීති පනවාගෙන තියෙන පුංචි පුංචි කෑලි. මේ පුංචි නැපෝලියන්ලා මහ නැපෝලියන්වගේම විශ්වාස කරන්නේ ලෝකය තමන් වටා කැකරකිය යුතු කියන එක. මහා දේශපාලනයේදී අපි රාජපක්ෂලාගෙන් ගුටිකන්නෙත්, හම්බන්තොට ගියාම සෙල්ලම් පිස්තෝල රගන්නෙත් ඒ වගේම අලුත් පරපුරට අර කොහෙදිදි ගහන්නෙත් එකම හේතුවත් තියෙන්නේ. මොකෙද ඔය ඔක්කොම පුංචි නිපෝලියන්ලා තමන්ගේ නොවන මතවාද, තමන්ට කරන්න බැර දේවල් තවකෙනෙකුන් විසින් කිරීම, තමන්ට මේ මොහොතේ ළංකරගන්න බැරි වස්ථුවක් අන් අයෙක් වෙත ආශක්ථ වීම ආදී සියල්ල ගන්නනේ තමන්ගේ බලයට අභියෝගයක් ලෙස.

බේකරියේ කට්ටය පෙරාදෙනියට ගිහින් කරන වැඩ සම්බන්ධව සංවාද ඇති නොවී විරාජ කියන විදිහටම 10,000 ඉන්න දේවාලයක පොටෝ ගැන සංවාද කරන්න 5ක් එනවා කියන්නේම අදාළ ටෙටොරි අභිලාෂයන් විසින් අදාළ කලා නිර්මාණයන් ගන්නේ අභියෝග ලෙස.

මන්ද ඒ කලා නිර්මාන හරහා තමන්ගේ කුඩා රාජ්‍ය නැත්නම් අධිකාරීත්වයන් අභියෝගයට ලක්වෙයි කියලා.

පේරාදෙනියේ දේවාලයේන් විරාජලා, ලකී වාහන කුඩුකරගත්ත ලෙසම සිදුවීම කොච්චර අපිට වෙලා තියෙනවාද ?

රාජ්‍ය පද්ධිති ඒ දේවාල ආකෘතිවෙලා තියෙන්නේ. පොලීසිය, ඉස්පිරිතාල, උසාවි මේ ඔක්කොගෙම අධිකාරීත්වය දරන අය හැසිරෙන විදිහේ වෙනස් නෑ. පොලිසි ඇතුලේ නිරායුධ සාමානය මිනිස්සුන්ට සලකන විදිහ, රෝහල තුළ රෝගීන්ට සලකන විදිහ අතර සහ පෙරාදෙනියේ දේවාලයේ ආරක්ෂකයෝ බේකරියේ කට්ටියට සලකපු ආකාරය අතර වෙනසක් නෑ.

ඒ නිසා පේරාදෙනියේ වල වෙනස් කරන්න නම් අපිට සමාජයේ තියෙන තවත් බොහෝ වලවල් එක්ක ගැටෙන්න වෙනවා. පේරාදෙනියේ දේවාලයේ වළ කියන්නේ සමාජයේ අනිත් වලවල් සම්බන්ධව මෑතක ඉදන් නිතර නිතර අපිට උදාහරණය සපයන වලක් විතරයි.

පසන් ජයතිලක

මාතෘකා නැති කවි 0.2

බෙනා ඔයා ඔය විදිහටම
කවි වක්කඩ කඩාගෙන යන්න
සමාජ පල්ගද වැඩිවැඩියෙන් හමන්න
සිරික්ක සිත්වල
කරගැට මතුවෙන්න

බෙනා ඔයා ඔය විදිහටම කරගෙන යන්න
ඇත්තටම දවස එනකන්
අපේ පන්තියට
අපිට
කෙළවපු
සමාජයට
රටට
කෙලවන්න

බෙනා ඔයා පරිස්සම් වෙන්න
තවත් ඉඩ බෙහෝයි අපට කෙළවෙන්න
යාලු මිත්‍රකම කම්වලට
ඉඩදෙන්න එපා
කවිමිම්ම වෙන්න
එහෙම දේ වලට
හැමිනෙන්න දෙන්න
ඔයා දිගටම කවිවක්කඩ කඩාගෙන යන්න

ප. අ. කො. ක ; සැප්තැම්බරය ඇත්තේ විකිණීමටය. ඒ ඔක්තෝම්බරයේ අලුත් මල් පාත්ති සැකසීමටය

මේ සැප්තැම්බරය හරි කරච්චල්. මාසෙම නිවාඩු දාන්න වෙනවා.මොකද පොත් එළිදැක්වීම් වගේ සමාජ ඉන්ටර්ලෙක්චුවර්  එලීට්  වෙන්න පුලුවන ඉවෙනට් අතහරින්න හොද නෑ.  අගෝස්තුවෙ මුල ඉදන් වැඩේ පටන් ගත්තා. ඉන්ටර්වීව් ඉවරයක් නෑ. ඒ හැම ඉන්ටර්වීව් එකකම ලේඛකයෝ කියන්නේ
// නෑ පිස්සුද මල්ලි මං ඔය සාහිත්‍ය මාසය කියන ඒවා බලාගෙන පොත් මුද්‍රණය කලේ නෑ. මේක කෝඉන්සිඩන්ට් එකක්.  කාලයක් තිස්සේ පොරබදපු අදහස් ටිකක් පොතක් විදිහට එලියට එනවා. ඒවාට සැත්තැම්බර් කියලා අදාළ නෑ. ඇත්තටම සැප්තැම්බර් අදාළ නෑ//
මං ටිකක් කල්පනා කර ඇයි මේ මිනිස්සුන්ට කියන්න බැරි
//ඔව් මට සැප්තැම්බර් සාහිත්‍යමාසය අදාළයි. පිස්සෝ විවිධාකරා පිස්සු දෛනික විකුණන එකේ මං සැප්තැම්බර් මාසයේ පොතක් විකුණුවාම මොකෝ. පොත් ලියන්න නොමෙයි මොන බඩිකඩිත්තුව කරන්නත් බඩ පුරෝලා ඉන්න ඕනේ. අවසානයේ බඩ පුරවන්න සල්ලි ඕනේ //
නමුත් අපේ ලේඛක මිත්‍ර සමාගම් මොකද්දෝ භීතියකින් පෙලෙනවා ඕක කෙලින් කියන්න.
ජනතා කලාවක් කියා දෙයක් නැත.
දැන් ඔය ජනතාවාදී කලාව හෝ ජනතාවාදී  කවි කියලා දෙයක් නෑ. වෙන දෙයක් තියා ජනතාවාදී කාලාකාරය කියලා කප්  ගහපු පරාක්‍රම කොඩිතුවක්කු වගේ අය පවා කාලෙකට ඉස්සෙල්ලා වැඩකට කථාකරාම රැපියල් 10,000 ක් ඉල්ලුවා.  අපි කියන්නේ ඒකේ වරදක් නෑ. ඒ මනුස්සයා රත්නපුරේ ඉදන් තකහනියක් වැඩකට කොළඹ එන්න ඕනේ. කෑම බීම. ඔය ඔක්කොම එක්ක 10,000 වරදක් නෑ කියලා අප කියන්නේ.
මිනිස්සුන්ගේ කාලය සහ ශ්‍රමයට ගරැ කරන්න ඕනේ. ඒක ස්ව්‍යංව වෙන්න පුලුවන් නැතිනම් ඉල්ලා හරි ගන්න ඕනේ.
අපි රටක් විදිහට අනෙකාගේ ශ්‍රමයට විශේෂයෙන්ම නිර්මාණ ශ්‍රමයට කිසිම ගරැකරන්නැති මිනිස්සු කොට්ඨාෂයක්.  මේවා මේ රටේ මූලධාර්මික ලක්ෂයන් ගොඩක් ප්‍රශ්ණ වලට.
මේවා මොහෙම වෙන්නේ අපි අවංක නෑ කියන්න යකෝ පොතක් ලියලා මං සමාජයට දැනුමක් සම්පාදනය කරනවා. විවිධ අර්ථයෙන් ඒ හින්දා ඒ දැනුම විවිධ අර්ථයෙන් වටිනාකම් එක්කරනාවා. ඒකට මං මුදලක් ගත්තොත් ඒක කලාකරයෙක් විදිහට ගැටලුවක් නෑ. මොකද කලාකාරයා වෙන්න කලින් හිටින මිනිහාව ජීවත්කරවන්න කලයුතුම ටිකක් තියෙනවා.
අනිත් පැත්තෙන් බොහෝ  වෘත්තීන් ජනතාව කියන අය විසින් බදුගෙවා හෝ මිලක් ගෙවා නඩත්තු කරමින් සිටිනවා.  ඒ නිර්මාණශ්‍රමය විතරයි එහෙම නඩත්තු නොවෙන්නේ.  හැබැයි අලුත් සමාජයක් ගැන අලුත් ලෝකයක් ගැන අනවතර අරගලයක යෙදෙන්නේ ලේඛකයන්, කවියන්. චිත්‍රශිල්පීන් මෙකී නොකී කලා සමාජයේ පිරිස් විසිනි. ඔවුන් තමයි අපි ජීවත්වන සමාජය තවත් පියවරක් ඉදිරියට තල්ලුකරන්න මොරල් සපෝට් හදන්නේ. නමුත් කලාකරැවෝ තමන්ගේ කාර්යය වැරදියට හදුන ගන්න අවශ්‍ය නෑ . මොකද ඔය 1960 සහ 70,80 දශක වලදීත් ඔය වැරදීම් කලාකරැවන් විසින් කලා. ඒ වැරැද්ද තමයි කලාවෙන් විප්ලවය කරන්න යෑම. ඔය ජනතාවාදී කලාකරැවෝ කියලා ටිකක් බිහිවෙන්නේ
ඔය අලකංචියෙන්. ඒකෙන් වෙච්ච හානිය තමයි  විප්ලවය සහ විප්ලවවාදී පක්ෂ හෝ කණ්ඩායම් විනාශ වීම. ඇත්තටම ඔයාලට කරන්න තිබුණේ විප්ලය සදහා මොරාල් සැදීම. වුනේ අනිත් පැත්ත.
ඒ නිසා තමයි අපි මේ ඉන්නේ තවමත් අනිත් පැත්ත හැරැණ සමාජය.
සනීපාරක්ෂක තුවායේ ඉදලා යුධ ප්‍රහාරක යානා දක්වා එලිපිට  විකුණන ලෝකයක පොත් විකුණන් ලැජ්ජ වෙන්න ඕනේ නෑ.  ඒක කෙලින් කියන් ඕනේ. ඔව් අපි පොත් විකුණනනවා. ඒ එක්කම තමන් කරන දේ ගැන සංකල්පීයව සහ ප්‍රයෝගිකව  සවිඥානික වෙන්නඕනේ. මොකද අපිට තවත් සන්නස්ගලලා ඕනේ නැති නිසා. එයාලා සමාජය ඔය දැනුම කියලා මොකක් හරි බෙදුවේ කරනා දෙකක් හින්දා.
1 – එයාලගේ සමාජ පන්තිය ඊලග ස්ටෙප් එකට පන්න ගන්න
2 – එයාලා අලුතෙන් අතුලුවෙච්ච සමාජ පන්තියට සමාජ බලය අල්ලා දෙන්න
ඒ හින්දා සන්නස්ගල් තවමත් මේ දැනුම කියන වැඩ වලට ගෙන්න ගන්නවා දැක්කාම හිනා යනවා. ඒවා උදාහරණ සපයනවා අපි සංකල්පීය සහ ප්‍රයෝගිකව අප කරන වැඩ ගැන සවිඥානික නෑ කියලා.
කොහොම වුනත් පොත් විකීනීමට බිය වියයුතු නැත. අපි බය වෙන්න ඕනේ ඒ පොත්වල කතෘ ලෙස හම්බකරන සමාජ ප්‍රාග්ධනය සමාජ ගතකරන විදිහ ගැන. එහෙයින් සැප්තැම්බරය ඇත්තේ විකිණීමටය. ඒ ඔක්තෝම්බරයේ අලුත් මල් පාත්ති සැකසීමටය.
ඒ හින්දා මං මුලු සැප්තැම්බයම මං නිවාඩු ගත්තා  කියලා මර්තේරිස් ආතා දීර්ඝ  කොමෙන්ට් එකක් ඉන්බොක් කරලා තිබුණා.
 ඔව් සැප්තැම්බරය ඇත්තේ විකිණීමටය. ඒ ඔක්තෝම්බරයේ අලුත් මල් පාත්ති සැකසීමටය. කියලා මං එයාගෙම කෑල්ලක් රිප්ලයි එක විදිහට යැව්වා.
ලිව්වේ පසන් ජයතිලක

පසන්ගේ අන්තර්ජාල කොට කථා; මිනිස්සු වෙනස් වෙන්නේ නැතිව පොලිස්සි වෙනස් වෙන්නේ නෑ.

නෙළුවට පොලීසිය ගහලා. අන්තර්ජාලය කැලඹුනා. ඇත්තටම නෙලුවට නෙලපු එක ගැන නෙලුවව නොදන්න උන්පවා කම්පාවුනා කියලා මර්තේරිස් ආතා ෆෙස්බුක් කොමෙන්ට් එකක් දාන ගමන් කිව්වා.  වැඩේ නැගලා යන කොට සත්හඩේ සුබාෂ් පළවෙනි වෙඩ්ල්ල තිබුබා සොරි මල්ල කියලා සටහනක් තියන ගමන්. ඊට පස්සේ පොලිස්සියෙන් ගුටිකාපු නෙලුවට අම්බානකට නෙළුවා කියලා මර්තේලිස් ආතා ආයේ මැසේජ් එකක් ඉන්බොක් කරලා තිබුණා. ඔය අස්සේ තමයි රත්නපුරේ  ශර්මන් නෙලුවට ඇටි හැලෙන්න නෙළලා තිබුණේ . අන්තිමට කියලා තිබුණා නෙලුවට රාජ්‍ය නොමග යැවීමේ කරැණු මත නඩු දාන්න ඕනේ කියලා.
ඔය අතරේ තමයි සත්හඩේ කැටපේ 2014 දාපු ස්ටේටස් එකක් හදිසියේ මතුවුනේ කියලා මර්තේරිස් ආතා ආයේ ඉන්බොක්ස් කරලා තිබුණා. මං එයාට අයේ ඉන්බොක්ස් කරලා කිව්වා ඔය ප්‍රශ්ණය දැන් අතහරින්න කියලා. ඒත් මර්තේරිස් අතහරින පාටක් නෑ. ආතා පොයින් එකට අයේ රිප්ලයි කරලා තිබුණා.
ගංජා නෙමෙයි මොන බඩිකඩිත්තුව අහුවුනත් අර පොලිස් කාරයෝ මිනිස්සුන්ට ගහන්නේ කොහොමද?  ඒක තමයි මූලධාර්මික ප්‍රශ්ණය. මර්තේරිස් ආතා එන්න එන්නම ඉන්ටර්ලෙක්චුවල් ඩිමොක්‍රසිවලට එනවා.  කුඩු අහුවුනාම රාජ්‍ය නායකයා ගිහින් බාදාගෙන නලවලා ආව රටක් මේක.   පොඩි කොල්ලෙක් ගංජා ටිකක්  ගහලා අහුවුනොත් දේශපාලඥයෝ ඉස්සරහ  නැට්ට පුකේ ගහන් ඉන්න පොලීස්කාරයෝ තමන්ලේ රස්නේ දාන්න  යනවා. පාතාලය කියලා කීදෙනක් ආයුධ පෙන්නන්න ගිමන් මලාද? ආතා දිගටම ඉන්බොක් කරනවා.
ඒ නිසා අපි අන්තර්ජාල සිවිල් චරිත විදිහට හරි පොලිසියට සාමාන්‍ය මින්ස්සුන්ට ගහන්න බෑ කියන මතය ෆන්ඩර්මෙන්ටල් සටන් පාඨයක් විදිහට ඉදිරියට ගෙන්න ඕනේ.  අවම බලය පාචිච්චි කරන්න වෙන්නේ අනෙක් පැත්තතෙන් ආයුධ රෙසිස්ටන් එනකොට හරි පැනලා යන්න හැදුවොත් හරි. එහෙම නැතිව ප්‍රශ්ණයක් ඇහුවා කියලා ගහන්න බෑ.
උසාවියට දාල ඒ අදාළ නීති කටයුතු වෙන්න ඕනේ.  මර්තේරිස් ආතා දිගටම ඉන්බොක්ස් කරගෙන යනවා.
මං බලං ඉදලා යැව්ව රිප්ලයි එකක්.  – හරි මට තේරැණා
ආතා ආයේ ලියන්න ගත්තා
අපි නිරායුධ සාමාන්‍ය මිනිස්සු. එහෙම මිනිස්සුන්ව අපි අදහස් වලින් සන්නද කරන්න ඕනේ.  ආණ්ඩු වෙනස් වුනා කියලා මිනිස්සුන්ලේ අදහස් වෙනස් වෙන්නේ නෑ. අදහස් හොද වෙන්නෙත් නෑ. මිනිස්සු වෙනස් වෙන්නේ නැතිව පොලිස්සි  වෙනස් කරන්න බෑ.
මං රිප්ලයි කරා
ඒක ඇත්ත මිනිස්සු වෙනස් වෙන්නේ නැතිව පොලිස්සි වෙනස් වෙන්නේ නෑ.
 ලිව්වේ පසන් ජයතිලක

යුක්තියෙන් තොර සංහිදියාවේ මගක් නැත.

යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි.

යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත.

කුමන හෝ පදනමින් ගැටුමක් දක්වා වර්ධනය වී ඇත්තේ හදිසියේ ඇතිවූ දෙයක් නොව නිදහසන් පසු දෙමළ සමාජය, දැනුවත්වම නැවත නැවතත් අතිශය කෘෘර ලෙස මර්ධනය කරමින් ඒ ඝාතන විජයග්‍රහණ ලෙස සමරමින් දකුණ විසින් නැවත නැවත අමතක කරනා ‘දමළ ජනයාට යුක්තිය‘ ඉටු නොකිරීමේ අලුයට ගිණි පුපුරුය.

සිංහල – දෙමළ සංහිදියාවට යුක්තිය පසිදලීමෙන් මිස වෙනත් කිසිවකින් යහපතක් ඉටුවන්නේ නැත. වින්දිතයන්ට යුක්තිය ඉටු නොවනතාක් මේ අදාළ ජනකොට්ඨාශය තුළ සැකය මිස අන්කිසිවක් වර්ධනය වන්නේ නැත. අතීතය ද වර්ථමානය ද ජීවමාන උදාහරණ දෙමින් දෙමළ ජනයාට නැවත නැවත කියාදෙන පාඩම කොළඹ සිංහල මූලික ආණ්ඩු විසින්, දෙමළ විමුක්තිය විෂයෙහි තමන්ව රවටන ආකාරයයි.

80 දශකයේදී දෙමළ තරුණයා ආයුධ ගත්තේ නිකන් ඉන්න බැරි ගායකට නොවේ. ඒ නිදහසින් පසු දෙමළ විමුක්ති දේශපාලනයට සිංහල ආණ්ඩු ආමන්ත්‍රණය නොකළ නිසාවෙනි.

හමුදා බුද්ධි අංශ විසින් 2012 වර්ෂයේදී යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරුවන් සැමරුවායි කියා ඔලු පැලෙන්න ගසා ඒ විතරක් නොව අවසානයේදී අදාළ ශිෂ්‍ය නායකයන් පුනුරුත්තාපනය කරන්න හමුදා කඳවුරු තුළ රඳවාගැනීමේ භාරයට දැමූහ. ඒ වෙලාවේ දකුණේ දැන් කෑගසන බොහෝ දෙනෙකු සිටියේ ඇස් කන් නොපෙනෙන අන්ධයන් සේය.

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන සංහිඳියාව ගැන හීනෙන් අවදී වී මෙන් දොඩවනවා අප රූපවාහිනියෙන් දුටිමු. කරූ පරණවිතාන නියෝජ්‍ය ඇමතිට අප කියන්නට ඇත්තේ, කැනඩාවේ මහ කොමසාරිස් වී හිදිමින් සිංහල ජාතිකවාදය පෝෂණය කිරීම ගැන තමන් විසින් ලියූ ලිපි නැවත කියවන ලෙසය. එවිට සංහිඳියාවට මගහැරී ඇති තැන් තමන්ට ම අවබෝධකර ගත හැකිය.

යාපනය විශ්වවිද්‍යාලය යනු සෑමවිටම ශිෂ්‍ය දේශපාලනට එහා ගිය ජාතික විමුක්ති දේශපාලනයක් සහිත දේශපාලන භූමියකි. සිළුමිණේ කොළම් ලියන මාධ්‍ය ඔස්තාර්ලා කියන්නේ සිංහල ජාතිවාදය ද දෙමළ ජාතිවාදය ද එකවිට පරාජය කළ යුතුය කියාය. රාජ්‍ය විසින් දෙවැනි කොට සැලකීමට විරුද්ධව සිය විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිම ‘ජාතිවාදයක්‘ කියා හඳුන්වන්නේ භූ දේශපාලනය සම්බන්ධව කිසිදු අදහසක් නැති බව ඔප්පු කිරීමටය.

එසේනම් මේ මොහොතේ බටහිර කුර්දිස්ථානයේ(රොජාවා) සිට ඊනියා ඉස්ලාම් රාජ්‍යයට සහ ඒකාධිපති තුර්කියට එරෙහිව සටන්වදින කුර්දිස්ථාන විමුක්තිකාමීන්, තුර්කි ආණ්ඩුව විසින් මර්ධනය කිරීම මේ මාධ්‍ය ඔස්තාර්ලාගේ තර්කයට අනුව සාධාරණය.

අවසානය

උතුරේ හෝ වෙනත් ඕනෑම තැනක ඇතිවන වාර්ගික ගැටුම් අතිශය දේශපාලනිකය. මන්ද සිංහල ආණ්ඩු විසින් කළ සහ කරන දේශපාලනයට ප්‍රතිචාරයන් කුමන හෝ තැනකින් මතුවීමට ඉඩ ඇති නිසාවෙනි.

ඒ නිසා සිංහල, දෙමළ සංහිඳියාවට එකම මග වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම ම පමණි.

පසන් ජයතිලක
| Pasan Jayathilaka

කිරොස්ටාමිගේ නික්මයාමේ නිහඩ සාදය

දවස් ගණනක සාද ගණනකින් පස්සේ අන්තර්ජාලයට ගොඩ වුනා. පර්සියානු රත්තරං මාලුවා නික්ම ගිහින් බව දැනගත්තේ ඒ වෙලාවේ. එලබෙන හැම අවුරැද්දකම කවුරැන් හෝ නික්මයාමට නියමිතයි. අවුරැද්දක් නිර්මාණය වන්නේ හමුවීම් සහ නික්මයාම් වලින් – අබ්බාස් කිරොස්සාමි – රත්තං මාලුවාගේ නික්මයාම දවස පුරාම මොකද්දෝ මුස්පේන්තුවක් එක් කලා. ඒ දවස ඉවර වෙන්නේ නැති එකක්. සිගරැට් පැකට් එකක් විතර බීලා , මාකට්ටුව වහන්න ඔන්න මෙන්න කියන කොට දිව්වේ වයින් බෝතලයක් ගන්න. ඒක හදිසි – අදිසි අදහසක්.

මේ දීර්ඝ දවසේ හවස් කාලය නික්මයාමේ සාදය සදහා. වයින් , ගෙයි කෙරවලක තිබිලා හොයා ගත්ත හෂීෂ්. පර්සියානුවෙකුගේ නික්මයාමේ සාදයක් හෂීෂ් නැතිව කොහොමද. පස්සේ හිතුනා ඕපීඑම් ටිකක් තිබුණනම් හොදයි කියලා. අර්ධ සන්ධ්‍යාව ගෙවිලා රාත්‍රිය උදාවුනා. නික්මයාමේ සාදය ආරම්භ කලා. ආරාබි දිග කොලයකට දුංකල හිමීහිට තියන ගමන් කල්පනා කලේ – කිරොස්ටාමිගේ චිත්‍රපට ගැන. නිකමයාම් සාදය ආරම්භකරන චිත්‍රපටය ගැන. ගොඩක් දේවල් තිබුණත් ලොකු බර දේවල් නික්මයාමකට සුදුසු නෑ කියලා හිතුනා.

ඒ නිසා වින්ඩ් විල් කැරි- අස් සුලග අප රැගෙන යාවී තෝරගත්තා. ඒ චිත්‍රපටය නික්මයාමේ සාදයට සුදුසුයි කියලා හිතුන නිසා. ඉරාන සිනාමාව හැමදාම කවියක් වගේ. ආගම්කාරයන්ගේ තොරොම්බල් ඇරැනාමා පර්සියානු හැඩයටම මං කවදත් කැමතිය. ටෙහෙරාන් නුවර මට තවමත් මතක තියෙන සුවද කිසිවක කලවම් නෙකල හෂීෂ් සුවද. ඒ සුවද කිරොස්ටාමිගේ චිත්‍රපට වල තිබුණා.

නික්මයාමේ සාදය නිසා නික්මයන්න කලින් කියන්න ඕන දේවලා කෙලින් කියන්න ඕනේ. කාමරේ කහ ගැහුණු විදුලි ලාම්පුව සාදයට නොගැලපෙන ගතියක් තිබුණා. ඒ ටිකක් කරදරකාරීයි. ඒ නිසා ඒක නිවලා දැම්මා. පස්සේ පන්දමක් විතර දිග හෂීෂ් සුරැට්ටුව පත්තුකලා. රතුපාට චිලියන් වයින් ටික පර්සියානු චායි කොප්පයකට දාලා පලමු තොළ තියන ගමන් සමුගැනීමේ කතාව අරම්භකලා. කථාව ටිකක් වෙනස් අපි වචන කථා කොකරන්න තීරණය කලා. රෑප තිරය මතට ඇවිල්ල සාදය අරම්භ කලා.

අතරින් පතර දුම් විවේකයන්. ඒ වෙලාවට අපි වචන වලට පෙරලුනා. අපි කෙලින් කථාකලා. රත්තං මාලුවාගේ සිනමාවට කැමති වුනාට මං රත්තං මාලුවාගේ අන්ධ බටහිරකමට කැමති නෑ කියලා – මං මගේ අදහස කෙලින් කිව්වා. අපි හිටගන්න ඕනේ බටහිරත් නොවන නැගෙනහිරත් නොවෙන භූගත ගැටෝ අවකාශයක කියලායි මගේ අදහස වුනේ. භූගත ගැටෝවක් වුනාම අදහස් හරි බයානකයි. ඒ අදහස් වලට පුලුවන් බටහිර නැගෙනහිර ගැන තිබෙන චිත්‍ර අනිත් පැත්තට හරවන්න. ඒ නිසා මං ඒ අවකාශයට කැමතියි කියලා කිව්වා. රත්තං මාලුවාට මං කියපු ඒවා අහුනාද දන්නේ නෑ. ඒත් කෙලින් කථාකරන්න කලින් තීරණය කරලා තිබුණ නිසා කෙලින්ම කිව්වා.

ආයේ වචන වලින් රෑපවලට – සාදය නිහඩයි. රෑප බලන අතරතුර චිලියානු වයින් සහ පර්සියානු හෂීෂ් දුම් කොච්චර හොදට ගැලපෙනවද කියලා අදහස් ඔලුවට කඩාපාත්වනුනා. සාදය ලතින් ඇමරිකානුවෙකු හිටියනම් කොච්චර අගේද කියලා හිතුනේ ඒ නිසා වෙන්න ඇති. පරිසියානු දුම් සහ ලිතින් රස දකුණු ආසියාතික රස රහස් සමග කොච්චර සමීපද කියලා හිතුනාම එකිනෙකා එකිනෙකා උණුසුමින් වැළද ගැනීමේ උණුසුම් ආසාවක් සරීරයේ කොණකින් පටන් අරන් අතේ පිටි අල්ල කිතිකවන්න වුනා.

සාදය තවමත් වචන නොමැතිව ඇදීගියා. පන්දමක් වගේ දිග සුරැට්ටුව අහවර වන විට මරියා සාදයේ අවසානයට ලංවෙමින් අසල කොට්ටකට ඇලවුනා. අවසන් සුරැටටු ඇස්පියාගෙන විදින එක් මොහොතක කිරොස්ටාමි- පරිසියානු රත්තංමාලුවාද සාදය නිමාකමින් නික්මගොස් තිබුණා.

රාත්‍රිය ගෙවීගොස් දවසේ පලමු කාර්තුව එළබෙමින් කොහෝ හෝ ඈතක ඔරලෝසු කනුවක පාන්දර තුනේ ගණ්ඨාරය නාදවුනා. මමත් නික්මයාමේසාදය නිමාකරමින් මරියා අසල් කොට්ටයම ගුලිවුනා.

මාතෘකා නැති කවි 0.1

අහසට උරාගත් කදුලු
පොළවට වැටෙනවා දවසක
මහා ධාරානිපාත වැසි ලෙස
අම්මාලාගේ කදුලු
සිංහල දෙමළ බේදයක් නැතිවම

අවතැන්වීම
අවමන්වීම
අහිමිවිම
අහිමිවයාම
අහස වුනත් දන්නවා
කාඩාගෙන වැටුනත්
කොහොම නවත්වන්න
එහෙම බරක් දරාගන්නද
සත්සමුදුරක කදුලු ගොන්නක්

පිලිමවල ඇති වෙනස
මිනිස්සු හුස්ම ගන්නවා
පිළිම බලාගෙන ඉන්නවා
හුස්ම ගන්නා පපුවලට
රිදුමක රිදුමක් දැනෙනවා
අවතැන්වීම අහිමිව යාම
පන්තියක වර්ගයක
බේදයක් නැතිව දැනෙනවා

සත්සමුදරක කදුලු
දවස් දෙකතුනකින්
වැටෙන්න ඕනැමද
පපුව උණුවෙන්න
තවත් නම් කොච්චර
කදුලු අම්මලා හලන්න ඕනෙද
දකුණු දිග පපුව කොණ උණුවෙන්න

( වැසිවැටෙන විට කදු හැලෙන විට උණුවන පපුවලට  නාය ගිය මනුස්සකම ලැබේවා!!! අවතැන් වූ අහිමි වූ සියල්ලෝ උණුසුමින් වැලදගන්න.)

පසන් ජයතිලක