භික්ෂු දේශපාලනය සහ මැදගිල්ල

ඊයෙ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් සිරගත කිරීමට එරෙහිව එම පක්ෂය විසින් මෙහෙයවනු ලැබූ විරෝධතාවයේදී ගනු ලැබූ ඡයාරෑපයක් සම්බන්ධව මේ වනවිට සමාජ ජාල අතර දැඩි කථාබහක් ඇතිවී තිබෙන අතර විරෝධතාවය හේතුව පවා ඒ ඔස්සේ මගහැර යන අයුරැ පෙනේ. කුමන හේතුවක් මත හෝ සිලරගත කරන කුමාර් ගුණරත්නම් සම්බන්ධව අපට කියන්නට ඇත්තේ කොන්දේසි වරහිතව ඔහු නිදහස් කළ යුතුබවයි. එසේම අප කියන්නේ සියලු දේශපාලන සිරකරැවන්ට එම අවස්ථාව දිය යුතු බවයි.

කෙසේවෙතත් භික්ෂු දේශපාලනය සම්බන්ධව සමාජය තුළ කථාකාවක් ඇතිවීමට වඩා කාලෝචිත කාලය පැමිණ ඇත. මන්ද භික්ෂූ මැදිහත්වීම දැන් දේශපාලනයේ සුලබ හෙයිනි. විශේෂයෙන් රාජපක්ෂ කදවුර සිය දේශපාලන උපක්රම අති දක්ෂිනාංශික භික්ෂු පිරිසක් හරහා එලා ඇත.

ලංකාවේ කතාවට පැමිණෙනට පෙර ලෝකමට්ටමින් බෞද්ධ භික්ෂු ත්‍රස්තවාදය අවබෝධයක් බලාගැනීම වටී.

ලෝක ත්‍රස්තවාදයේ ඊළග රැල්ල අන්ත දක්ෂිණාංශික බෞද්ධ මිලිටරි කණ්ඩායම්ද ?

කිසිවෙකු මේ සමබ්නධව අවධානය යොමුකර තිබේද ? දැනට දකුණු සහ ගිනිකොණ ආසියාකරය පුරා පැතිරීයන බෞද්ධ මිලිටරි කණ්ඩායම් පෙන්වන්නේ ඊලග ලෝකමට්ටමේ ත්‍රස්තවාදී රැල්ලද? දැනට තිබෙන තත්ත්වය අනුව එය ලෝක මට්ටමට යෑමට තවත් බොහෝකලක් ගතවෙතත් එය කලාපීය වශයෙන් වැඩි බලපෑමක් කරන බවනම් පැහදිලිය.

පසුගිය මැතිවරණයෙන් බලයට පත්වූ අවුන්සාන් සුකීගේ නායත්වයෙන් යුතු මියර්මා ප්‍රජාත්‍රව්තවාදී ලීගය විසින් බලය ලබාගැනීමෙන් අනතුරැව මෙතෙක් එරට ඡන්ද බලය හිමිනොවූ අන්ත දක්ෂිනාංශික බෞද්ධ භික්ෂු මිලිටරි කණ්ඩායම් වල ඉලක්කය වූ රොහින්ගා ජනවර්ගයට නව රජය ජන්ද බලය ලබාදුන් අතර එම තිරණය නවත හකුලා ගන්නා ලෙස බලකරමින් දහස් ගණනක් භික්ෂූන් රැන්ගූන් වටලූහ. මියර්මාරය තවමත් රොහින්ගියන් ජනවර්ගය එරට පුවැසියන් ලෙස පිළිගන්නේ නැත.

රොහින්ගියන් වරැට එරෙහි අන්ත දක්ෂිණාංශික බෞද්ද භික්ෂු ප්‍රහාරයන් සැලකෙන්නේ බෞද්ධ ත්‍රස්තවාදය ලෙසය.

මියර්මාර් බින්ලාඩන්

රොහින්ගියන් ජනවර්ගය ලෝකයේ වඩා හිංසාවට ලක්වූ ජනවර්ග අතරින් එකකි. 1980 වර්ෂයේදී බුරැම ආණ්ඩුව විසින් ඔවුන්ගේ පුරවැසි භාවය අහිමිකල අතර එතැන්පටන් ඔවුන් නිතැතින්ම වර්ගවාදී ප්‍රහාරයන්ගේ ඉලක්කය විය. තවමත් ඔවුන් වෙසෙන්නේ ඉතා සීමිත නීතිමය අයිතිවාසිකම් සහ වර්ගවාදී ප්‍රහාරයන්ගේ මූලික ඉලක්කය බවට පත්වීමෙනි.

රොහින්ගියන් වරැන්ට එරෙහි ව්‍යාපෘතිය මොහෙයන්නේ ආශි විරතු නම් සිවුරැධාරියා විසින් වෙයි. රාජපක්ෂ සමයේදී ලංකාවට පැමිණ බොදුබල සේනාව සමග ඊනියා සාසන චිරස්තතිය පිනිස කියා ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ එකි සිවුරැදාරිය සහ ඔහුගේ කල්ලියන 96 කල්ලිය විසිනි. එකීකල්ලිය විසින් රොහින්ගියන් වරැන් ඉලක්ක කරගෙන එල්කකරනු ලබන ප්‍රහාර පැහැදිලි වර්ග සංහාරක අරමුණකින් සිදුකරන එවා බව එම ක්‍රියා නීරීක්ෂණය කිරීමේදී මනාව පෙනී යයි. හියුමන් රයිට් වොච් සංවිධානයද සිය වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දී තිබුණේ රොහින්ගියන්වරැ විෂයෙහි එල්ලකරනු ලැබන ප්‍රහාර වර්ග සංහාර අරමුණකින් යුතු බවයි.

ලංකාවේ මිලිටර් භික්ෂූන් සහ බුරැමයේ මිලිටරි භික්ෂූන් විග්‍රහ කිරීමට උත්සහ කරන කරැණු වල මහා පොදු සාධකය වන්නේ මුස්ලිම් හෝ අනෙක් සුලු ජනවර් විසින් සිය රටේ බලය අත්පත්කරගනු ඇති බවයි.

යුරෝපය දෙසින් මුස්ලිම් විරෝදී අන්ත දක්ෂිනාංශික නාසි කණ්ඩායම් සහ ආසියාකරයෙන් ගොඩනැගෙන මුස්ලිම් විරෝධී අන්ත දක්ෂිනංශික භික්ෂු කණ්ඩායම් ලෝක මට්ටමේ මුස්ලිමි විරෝධි අන්ත දක්ෂිනාංශික සංධානයක් සදහා යා නොහැකි බව කිව හැක්කේ කාටද ?

නැවත කුමාර් සහා පෙරටුගාමී භික්ෂු පෙරමුණ

ඉහත ජායාරෑපයේ පෙරෙනන පරිදි අදාළ භික්ෂුව විසින් සිය මැදගිලි හස්ත මුදාවේන් පොලීසියට කියන්නේ හුකාගනින් කියාය. එම ඡායාරෑපය අප කියන්නේ පෙරටුගාමී දේශපාලනයට සහ විශේෂයෙන් කුමාර් ගුණරත්නම් දේශපානක සදමක් බවයි.
අපට මේ අන්තර් සම්බන්ධතාවය වටහා ගත හැක්කේ කුමාර් ගුණරත්නම් විසින් අධිකරණය හමුවේ කළ ප්‍රකාශය සමගින්ය. එම ප්‍රකාශය තුළ කුමාර් කියන්නේ ජවිපේ අභයන්තර නායකත්වය තුළ සිටිමින් රාජපක්ෂ වැනි වියරැ බලලෝබියෙකු බලයට ගෙන ඒමේ සිට එම බලලෝබියා උම්මත්තකයෙකු සිදුකළ දෙමළ වර්ග සංහාරය ජවිපේ සහය දුනු අයුරැය. ( මේ චචන එම කථාවේ අන්තර් ගත නැතත් කථාව තූළ මතුවන දේශපාලනිකව නොකියන ඇත්තය)

මාවිල්ලාරැවට දහස් ගණනක් සමග ගියේ ජවිපේ භික්ෂු පෙරමුණ ජවිපේ දේශහිතේෂී ව්‍යාපාරය ඇතුලු කණ්ඩායම විසිනි.එදා ඒ භික්ෂු ගියේ ඔය හුකාගනින් කියනා පොලීසියට සහ හමුදාවට පිරිත් නූල් බැදීමටය. එම පොලීසියටම හුකගනින් කීමට එම භික්ෂූන්ට සහ කුමාර් සිදුවීම දේශපාලනිකව නැවත සිතා බැලීමට බොහෝ දේ අපට ඉතුරැ කරයි. දේශපාලනික නිරවද්‍ය ආස්ථානයේ සිටගැනීමට සියලු දෙනාට බලකරයි.

මේ සියලු අලකලංචි අතර ලංකාවේ භික්ෂු දේශපාලනය සම්බන්ධව බරපතල කථාබහක් ඇතිවීම අනිවාර්‍ය කාරණාවක් බවට පත්වෙමින් පවතී. මන්ද මේ භික්ෂු විසින් කරන දේශපාලන අවතාර සෙල්ලම දැන්වත් නවතා දැමිය යුතුය.මන්ද  අවසානයේ මොවුන් නැවත නැවත විවිධ ස්වරෑපයන්ගෙන් මැදගිල්ල පෙන්වන්නේ අපටය.

|Pasan Jayathilaka  – ඡායාරෑපය ගත්තේ ශෙහාන් ගුණසකෙරගේ ෆේස් බුක් පිටුවෙනි

යුක්තිය පසිදලීමෙන් මිස අරැමෝසම් වැඩවලින් සංහිදියාවට මගක් නැත.

 

උතුරේ තරැණයා කැරළි ගැසුවේ ස්වකීය නිදහස සදහා මිස දකුණෙන් එන දෙමළ උරැවට ලීයූ සිංහල කොච්චි වල එන ඇත්තන්ට මල්මාල දමන්නට නොවේ. එහෙම මල්මාල මා පිළිගන්නට කියා දෙමළ ජනයාට බලකරන්නේ කරැණාරත්න පරණවිතාන වැනි කැනඩාවේ මහකොමසාරිස්ව සිටියදී සිංහල ජාතිකවාදය කරේ තියාගෙන බල්ටි ගැසූ අයවය. මේ නිසා මුලින්ම කියන්නේ දෙමළ ජනයාගේ සිය ජීවිත පුජාකර ගෙනයන සටන තොරොම්බල් ව්‍යාපෘති කිරීමට කිසිවෙකුට අයිතියක් තැති බවයි.

අප නැවතත් කියන්නේ දෙමළ – සිංහල සංහිදියාව යනු සංස්කෘතික ගැටලුවකට එහා ගිය ජාතියක ස්වකීය අයිතිය තිරණය කිරීම පිළිබද ගැටලුවක් බවයි. දෙමළ නිදහස් අරගලය යනු මහා ජාතියේ ආර්ථික සමාජීය දේශපාලන බලපුලුවන්කාරකමට එරෙහිව ගෙන ගිය සටනක් මිස සංස්කෘතික දෑත් දිගුකිරීමක් වෙනුවෙන් කළ සටනක් නොවේ. නිදහස් පසු එළබෙන ලංකාව තුළ දෙමළ ජනාය අරඹයා එල්ලකළ පිඩනය විවිධාකාර ස්වරෑපයන් ගනී. ඒ කොයි ස්වරෑපයන් ගත්තද එහි කොණ සිංහල ස්වෝතමවාදයේ බලපුලුවන්කාර කම සමග නිරන්තර බැදීමක් පවතී. ලංකාවේ කොළඹ මූලික සාම  ක්‍රියාධාරයන්ට පවා තේරැම්ගත නොහැකි වූ දෙය වූයේ එම විවිධ ස්වරෑපයෙන් එන සිංහල ස්වෝත්මවාදී අභිමතාර්තයන්ය.

එම නිසාම උතුර අරඹයා ඔවුන් සාක්ෂාත් කරගැනීමට උත්හස කරනු ලුබුවේ සිංහල ඔලුගොඩි තුළ ඇතිවන අදහස් මිස දෙමළ ජනයාගේ අභිමතාර්තය කුමක්ද යන්න නොවේ. මේ නිසාම විවිධ අවස්ථා වලදී  උතුර අරභයා වූ විවිධ සිංහල ව්‍යාපෘති දෙමළ ජාතික නිදහස අරගලය කෙරහි වූයේ මහා සිංහල සමාජය විසින් නිර්මිත අදහස්මය. ඒ නිසාම අවසානයේ සිදුවූයේ දෙමළ ජනයා නැවත නැවතත්  රැවටීම පමණි. නිදහසෙන් පසු කොළඹ මූලික සිංහල දේශපාලන අධිකාරිය විසින් සිදුකර ලැබූවේ එයය. කොළඹ මූලික මධ්‍යස්ථ සාමවාදීන් දැන හෝ නොදැන එහි කොටස් කරැවන් වුහ. ඉතිහාසය තුළ විවිධ අවස්ථා ඒ සදහා සාක්ෂිදරයි.

උදාරහණයක් ලෙස සංහිදියාව සහ සාම ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් කතාකරන බොහෝදනා දෙමළ විමුක්ති කොටි සංවිධානයේ භාවිතය සිය විවේචනයේ මූලික ලක්ෂය බවට පත්කර ගනිති. එය මූලික ලක්ෂය බවට පත්කර ඔවුන් අමතකර කරනු ලබන්නේ කොළඹ දේශපාලන අධිකාරිය සාමයට කෙතරම් අවංකද යන්නයි. අවසානයේ 2009 දී ඔවුන්ගේ සලු උනාදමා ඇත්ත මුහුණු ඇති සැටියෙන් සියලු දෙනාටම බලාගත හැකි විය.

දේශපාලන ගැටලු වලට අවැසි දේශපාලන විසදුම්ය. ලංකාව විෂයෙහි සංහිදියාවෙහි එකම මග යුක්තියම පමණය බව කරනු සහිතව අප මීට පෙරද රචනාවක් ලිව්වෙමු.

මේ බව පුනුපනා කියන්නේ කිසිවෙකුට හෝ කිසිදු කණ්ඩායමකට ගැරහීමේ අරමුණින් නොව මේ මොහොතේ දෙමළ අරගලයේ දේශපාලනය තනුක කිරීමේ වගකීම යම් කණ්ඩාම් සහ පුද්ගලයන් හට යහපාලන ආණ්ඩුව විසින් බාරදී ඇති බව පෙනීයන නිසාය.

දෙමළ හැඩයට ලියන සිංහල අකරැ කියන දේශපාලන අරැත එයලෙස අපට තේරැම් ගැනීමට අපහසු නැත. දෙමළ ජනයා විශයෙහි නිර්මාණය වන සංහිදියා ව්‍යාපෘති සම්බන්ධව අප කල්පනාකාරී වියයුත්තේ ඒනිසාය.

මේ නිච්චිත මොහොතේ අපගේ වගකීම කුමක්ද?

අප දකින ලෙස මේ නිෂ්චිත මොහොතේ වගකීම විය හැක්කේ දකුණේ ජාතිවාදී මතය දේශපාලනිකව පරාජය කිරීමට ව්‍යාපාරයක් ගොඩනැගීමය. එය අප ලියන තරම් පහසු නොවන්නේ දකුණේ අක්මුල් දක්වාම පසුගිය කාලය තුළ ජාතිවාදය සහ ඊනියා දේශප්‍රේමය උඩුදුවා ඇති නිසාය.

විශේෂයෙන්ම රාජපක්ෂ සාධකය ඉදිරියට දමා වික්‍රමසිංහ අගමැති විසින් කරන නව ලිබරල් ආර්ථික ප්‍රපත්ති හමුවේ දකුණ බැලන්ස කරන සාදකය ලෙස නැවත වටයකින් ජාතිප්‍රේමය එජාපය විසින්ද භාවිතකරමින් සිටින බව පෙනේ.

දෙමළ ජනතාව උදෙසා වු දේශපාලන විසදුමක සේයාවකවත් එකී දේශපාලන සංවාද තුළ හෝ එකී දේශපාලන කදවුරැ කාමර තුළ නැත. ඒ නිසා උතුරට තොරම්බල් සංහිදියා ගමන් යනවාට වඩා අප වෙසෙන කොළඹ මූලික පරණවිතානලාට ගයන්තලාට සිරිසේනලාට වික්‍රමසිංහලාට අප විසින් බලකල යුත්තේ දෙමළ ජනයාගේ නිදහස සම්බන්ධයෙන් වන අභිලාශයට දේශපාලනිකිව අමන්ත්‍රණය කරන ලෙසයි.

 

|Pasan Jayathilake \ 2016 \ 04\01   ‍්  ඡායාරෑපය ගත්තේ තරිදු උඩුවරගේ මුහුණු පොතෙන්