දාසලාගේ විහිලු වලට සංයුක්ත පිළිතුරැ

දාසලාගේ විහිලු වලට සංයුක්ත පිළිතුරැ

යූරෝපීය කොමිසම විසින් ජීඑස්ඵී සහනය නැවත ලංකාවට ලබාදීමට නම් ලංකා ආන්ඩුව විසින් සම්පූර්ණකල යුතු කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කොන්දේසී ලංකාවේ නරක මානව හිමිකම් කැරැට්ටුව නැවත ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන්. යූරෝපා කොමිසම සම්බන්ව විවේචන තිබියදී පවා කොමිසම විසින් ඉදිරිපත්කර ඇති කාරනා සම්බන්ධව ආදාළ කොන්දේසී සම්බන්ව විරැද්ධ වෙන්න දෙයක් නෑ. ඇත්තටම ඕනේ ලැජ්ජ වෙන්න. 2500 ඉතිහාසයක් තෙපරබානා රටකට තවත් කොහෙන් හරි ඇවිල්ලා මානව හිමිකම් ඉගැන්වීම ගැන. ( සභාවේ සිනා)

කොහොම හරි ඔය කියන ප්‍රධාන මානව හිමිකම් කොන්දේසී අතර ලිංගවර්ගකරණයෙන් සමාජය තුළ කොන්කරනු ලැබූ ප්‍රජාවන්ගේ අයිතීන් තහවුරැ කිරීමද ඇතුලත්. මේ සම්බන්ධව පුවත් වාර්තාකරලා තිබුනේ ලංකාවේ ප්‍රධාන ධාරාවේයැයි කියන මාධයවල රෙදි ඔවුන් විසින්ම ගලවාගෙන. දේශපාලඥයන් ගැන කථාකිරීමට දෙයක් නෑ. මොකද ලංකාවේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක්ම නියමිත අධ්‍යයාපනයක් හෝ අධ්‍යයනයක් තැති සත්තු පිරිසක්. ඒවගේ සත්තුන්ට මේ වගේ දියුණු දේශපාලන මාතෘකා තේරැම්ගන්න පුලුවන් කමක් නෑ.

සමාජ ආසාධාරණයනට කොන්කිරීමට ලක්වෙච්ච ප්‍රජාවන් සම්බන්ධව ලංකාවට තියෙන්නේ ඉතාම අසික්කිත අතීතයක් සහ වර්ථමානයක්. රාජ්‍ය විසින් මුදාහැරි වාර්ගික පීඩනයට එරෙහිව සිය අයිතීන් ඉල්ලා අරගල කල දෙමළ ජනතාව ජන සංහාරයකට සිදුකළ සහ තවමත් කරමින් ඉන්න රටකට තමයි අපිට ජෙන්ඩර් රයිට් වෙනුවෙන් සටන් කරන්න සිදුවෙලා තියෙන්නේ.

එල්ජීබීඩී සහ ක්යුර් රයිට්ස් ලෝකය පුරා ප්‍රධාන සටන් පාඨයක් බවට පත්වෙන්නේ ලෝකය පුරා වාමාංශික ව්‍යාපාරත් එක්ක. ඇමරිකාව සහ යුරෝපය පුරාම එල්ජීබීඩී සහ ක්යර් රයිට්ස් වෙනුවෙන් අනවතර අරගල කරන්නේ වාමාංශික ක්‍රියාකාරීන්. එඩ්වඩ් කාර්පෙන්ටර්, ඔස්කාර්වයිල්, හැරී හෙයි. එම්මා ගොල්ඩ්මාන් වගේ සමාජවාදී වාමාංශික ක්‍රියාකාරීන් තමයි මුල්කාලයේ එල්ජීබීඩී අයිතිය වෙනවෙන් වන සටන ප්‍රධාන අරගල කරැවන් වෙන්නේ. විශේෂයෙන් කාර්පෙන්ටර් විසින් ලියන ලද /ඉන්ටර්මීඩිඑට් සෙක්ස්/ පොත 20 සියවසේ එල්ජීබීඩී අරගල ව්‍යාපාර වල මූලික කෘතියක් බවට පත්වෙනවා. 1902 දි ඔහු විසින් ප්‍රකාශයට පත්කල විශ්ෂ්ඨ කාව්‍යසංග්‍රහය, Ioläus: An Anthology of Friendship, අති සාර්ථකත්වයක් අත්කරගන්වා විතරක් නොවෙයි එය කල්චර්ල් හෙජමොන් දැනුම පිළිබද අවබෝධව වඩා ඉහළ තැනකට ගෙනියනව.

එ වගේමයි 20 වන සියවසේදී කතෝලික පල්ලිය, සහ අන්ත, මධ්‍යම දක්ෂිනාංශික කොන්සවේටිව් බෙහෝ පක්ෂ එල්ජීබීඩී අයිතීන් වලට එරෙහිවෙද්දී ඒ අයීතින් වෙනුවෙන් සිටගන්නේ යුතෝපියානුයැයි කියන මාක්ස්වාදී පක්ෂ. කියුබානු කොමියුනිස් පක්ෂය 1970 දශකයේ ඉදලා එල්ජීබීඩී අයිතීන් පිළිගැනීමේ ආස්ථානයක සිටිනවා.

21 එක්වැනි සියවස වන අද අප ජීවත්වන ලෝකය පුරාම එල්ජීබීඩී අයිතින් යනු වාමංශික දේශපාලන ව්‍යාපාරවල මූලික සටන් පාටයකි.

මේ ලෝක ඉතිහාසය මුලින් සදහන් කර ඉන්නට සිතුනේ කොළඹ මූලිකකරගෙන සිටින ඊනියා ලිබරල්වාදීන්යැයි කියා ගන්නා පිරිස් වම එල්ජීබීඩී අයිතීන් වෙනුවෙන් නොවේයැයි අපට විහිලු කරමින් සිටින හෙයිනි. දැන්වීම් නිර්මාන අධ්‍යක්ෂකයෙක් කියා ගන්නා අයෙකු විසින් වාමාංශික පිරිස් විසින් එල්ජීබීඩී අයිතිය සම්බන්ධව තැබූ අදහස් කියවන්නට ආස යැයි කියා තිබුණි.

සමහර විට ඒ අදාළ තැනැත්තා විසින් වාමාංශික අදහස් ලෙස කියවා තිබුනේ ජනතා විමුක්ති පෙරමුනේ නලින්ද ජයතිස්ස යන අය සිදුකල ප්‍රකාශ වන්නට පුලුවන. අපට කියන්න ඇත්තේ වම සහ ජනතා විමුක්ති පෙරමුණ එකක් ලෙස පටලවා නොගන්නා ලෙසයි. ජනාතා විමුක්ති පෙරමුණ මොකක්දෝ හයිබ්‍රිඩ් වර්ගයට අයත් නිසා ඔය කියන අයම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අලුත් පරපුර යන නමින් මගේ ඡන්දය ජවිපෙට යනුවෙන් ඇඩ්කරා නම් මතකය. ඒ මතකයන් නිසා වම පටවලා ගන්න එපා යැයි අප කියන්න කැමතිය.

නැවත මාතෘකාවට, එල්ජීබීඩී අයිතීන් යනුම අනෙකාගේ කැමැත්තට ගරැකිරීමක් සහ අනෙකාගේ කැමැත්ත පිළිගැනීමක. ලංකාවේ බොහෝ දෙනා එල්ජීබීඩී කියා විග්‍රහ කරන්නේ ලිංගික අර්ථවෙනි. එහි වූ මානව දේශපාලන අරැත ලිංගික වර්ගකිරිමකින් එහා ගොස් මානව විමුක්ති  අර්ථයක් දක්වා දිගුවෙයි.

එවැනි මානව වටිනාකමක් සිය දේශපාලන ව්‍යාපාරයන්ට තුළට ගත හැකිනම් ඒ විවිධ තලයේ වාමාංශික ව්‍යාපාරයන්ටම පමණි. ජාතියක් හෝ ආගමක් තුළ වූ දක්ෂිණාශික හෝ වෙළද අගය තුළවූ ලිබරල් ව්‍යාපාරයන්ට මනුෂ්‍ය සම්බන්ධතාවයකට අගයක් එකතු කීරීමට හෝ මානව විමුක්තිය වෙනුවෙන් සිට ගැනීමට නොහැකි බව ඉතිහාසය විසින් පෙන්වා දී තිබේ.

එකදු ලිබරල් වේදිකාවක , එකදු දක්ෂිණාශික වේදිකාවක එල්ජීබීඩී කොඩියක් ලෙළදේනම් අපට පෙන්වා දෙන්න කියා අප කියමු. ඒ එකදු වේදාකාවකට මානවම විමුක්තියේ කොඩියක් එසවීමට නොහැකිය. මන්ද ඔවුන් ආගමක, ජාතියක හෝ මූල්‍ය අගයක වහලුන් නිසාවෙනි.

සිය සමාජ ස්තරය තරණය කිරීමට ලැඩර් සොයන කොළඹ දාසලාට කියන්නේ විහිලු නොකරන්න කියාය.

විප්ලවීය ආදරය සමගින් වමට ෆිඩෙල්මය පාඩම

කියුබන් විප්ලවීය නායකයා, ෆිඩෙල් කැස්ත්‍රෝ(90) අද උදෑසන මිය ගිය පුවත හවානා ජාතික ගුවන් විදුලියෙන් ප්‍රකාශ කලා.ඊට පස්සේ ඒ පුවත ලෝකය පුරාම ප්‍රධාන පුවත වුනා. ෆිඩෙල් කියන්නේ 20 සියවසේ දැවැන්තයෙක්. පරපුරක අවසාන පුරැකක්. කැරිස්මැටික් නායකයෙක්. වමේ වීරයෙක්.

මේ සියල්ල අතරේ මට ෆිඩෙල් මිශ්‍ර චරිතයක්. වීරයෙක්ට වඩා ඉතිහාසය සහ වම පිළිබද පාඩමක්. අනාගත වමක් ගැන වැඩසටහන් හදන කොට ෆිඩෙල් මගහැර යන්න බැරි කොටසක්. ඒ නිසා ෆිඩෙල්, චේ මේ අය ගැන රොමෑන්තික වෙනවට වඩා විචාරශීලී වෙන එක ඒ අය සහ අපි දෙගොග්ලෝම විශ්වාස කරන වාමාංශය ගොඩැනැගීමට උපකාරයක් වෙයි කියලා අපට හිතෙනවා.

බැරිස්ටාගේ ෆැසිට් පාලනය පෙරලන්න වාමාංශය බරව කටයුතු කරපු ෆිඩෙල්ට ජාත්‍යයන්තර වමේ විප්ලවය එක මොහෙතකදි මගහැරෙනවා. වඩා වැදගත් වෙනවා කියුබාව තුළ බලය පවත්වාගෙන යෑම. එක් අතකින් ඇමරිකානු පීඩනයේ අභිමුව සිටීමම එයට ප්‍රධාන හේතුවක් වෙනවා.

ලෝකය පුරාම විප්ලවාදීන්ට වාමාංශික ජවයක් ගෙනදුන් ෆිඩෙල් කියුබාවේ ප්‍රධානිය වුනාට පස්සේ මගහැරැනු අනෙක් අරගල අප්‍රමාණයි.

අපට ආසන්තම උදාහරණය සපයන්නේ ලංකාව තුලින්මයි. 1971දී මතුවන තරැණ අරගලය මඩින්න කියුබාවේ අරගල කරපු කැස්ත්‍රෝ සිරිමාවෝ බණ්ඩාරනායකට සහය පිනිස යුධ ප්‍රහාරක යානා පවා එවීමට සූදානම් වෙනවා. 1988 – 89 තරැණ කැරැල්ලේදී කියුබාවේ කැරලි ගහපු කස්ත්‍රෝ ලංකාවේ කැරැල්ල අති බිහිසුනු ලෙස අතුගා දමන්න ජේ.ආර් ගේ ලගින්ම ඉන්නවා විතරක් නොවෙයි ජේ.ආර් ට ඉස්තරම්ම හවානා සුරැට්ටුක්ද තෑගිලෙස එවනවා. ඒ විතරක් නොවෙයි ඒ කාලයේදී ලංකාවේ මානව හිමිකම් වැනසීම වලට එහෙහිව ගෙන ආ සියලු ජාත්‍යයන්තර යෝජනානවලට එරෙහි වෙනවා.

ඊට පස්සේ ෆිඩෙල්ට මගහැරෙන්නෙ කාලාපයේ හැඩය වෙනස් කිරීමට තිබූ අරගලයක්. ඒ දෙමල විමුක්ති අරගලය. දෙමළ ජන සංහාරක යුද්ධයේදී ෆිඩෙල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ළගම මිත්‍රයෙක් වෙනවා. යුද්ධයේ අවසාන අදියරේදී දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය කිරීමට සහ යුධ අපරාධ වලට පිළිබද ගෙන ආ සියලුම යෝජනා වලදී ෆිඩෙල් හෙවත් කියුබානු දේශපාලන අධිකාරිය දෙමල ජනයාගේ යුක්තියට එරෙහිව අන්ත දක්ෂිනාංශික රාජපක්ෂලා සමග එකට සිටගන්නවා.

මේවා ඉතිහාසය තුළ අපට හමුවන ෆිඩෙල්මය පාඩම්. වාමංශික පසුබිමක් සහිත විප්ලවයකින් බලය අල්ල නායකයෙක් අන්ත දක්ෂිනාංකි ලංකාවේ රාජ්‍ය නායකයන් සමග එකට පෙලගැසීම තුළ අපට උගන්නව පාඩම තමයි බලය අල්ලා ගැනීමෙන් පසු නව ජාත්‍යයන්තර වමක් සම්බන්ධව ෆිඩෙල් ප්‍රමුඛ කියුබන් කොමුයුනිස්ට් පක්ෂයට තිබූ දැනුබේ දුබල කම.

විශේෂයෙන්ම ඊනියා ඇමරිකානු විරෝධවය එහා ගිය සැබෑ වමක් සම්බන්ධව ක්‍රියාත්මක වීමට තිබූ නොහැකියාය.

කියුබාව බැරිස්ටාගේ පාලනය පෙරලා දැමීමෙන් පසු ප්‍රගිතිශීලී ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ යම් ප්‍රමාණයක් වුනාට සමහර සමාජ අගතීන්ට ආමන්ත්‍රණය කිරීමට කැස්ත්‍රෝ අසමත් වෙනවා. ඒ අසමත්වීම කියුබාවට පමණක් නොවෙයි එය ලතින් ඇමරිකානු වමට බලපෑමක් ඇතිකරන්නක් බවත් අප මතක් කරගත යුතුයි.

වාර්ගවාදී ලක්ෂණයන් කියුබා කොමියුනිස්ට් පක්ෂය විසින් අලුතෙන් හදුනාදුන්නද සමාජයතුළ වූ වාර්ගවාදය පරාජය කීරීමට තීරණාත්මක පියවරවල් ගැනීමට ෆිඩෙල් අසමත්විය.

අනෙක් පැත්තෙන් කියුබන් වාමාංශය ජාත්‍යයන්තරවමක් වෙත රැගෙන යනවා වෙනුවට ඊනියා ඇමරිකානු විරෝධය මත පදනම් වෙමින් කියුබානු ජාතිකවාදයක් නිර්මාණය කලේය. කියුබානු කම්කරැ පන්තිය තවත් අගතියක සිරකර දැමීමට ඒවා තවත් උදව් වී තිබේ.

ඊටත් වඩා සිදුයූ අගතිය වුයේ කියුබාව වාමාංශික සංවාදයකට යනවාට වඩා ෆිඩෙලියානුකරන වීමයි. එය වාමාංශික දේශපාලනය පිළිබද සංවාදය වඩා පුලුල්කරනවාට වඩා එය කැස්ත්‍රෝ මත යැපෙන තත්ත්වයක් දක්වා වර්ධනය වීම කියුබානු වමට එල්ල වූ මරැපහරක්.

නාගරික සහ ගම්බද විශාල පුද්ගිලක දේපල කියුබන් රාජ්‍යයට නැවත අත්පත්කර දෙමින් 1961 දී ෆිඩෙල් කැස්ත්‍රෝ විසින් සමාජවාදී රාජ්‍ය ලෙස කියුබාව නම්කලද විශේෂයෙන්ම කියුබානු කම්කරැ පන්තිය සහ පාලක පන්තිය අතර ඇතිවූ ආර්ථික වෙනස සුලුපට නෑ. කම්කරැ පන්තිය බලගන්නවා වෙනුවට පුද්ගල සහ කණ්ඩායම් පාලක පන්තියේ මතය ආදා ගැනීමට සෑම ධනවාදී සමාජය සිදුවන ලෙසටම ෆිඩෙල්ගේ නායකත්වය යටතෙත් සිදුවුනා.
ෆිඩෙල් යටතේ කියුබානු ජනයාට ලබාදුන් ජයග්‍රහණයන් අතර අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රධානම තැන ගන්නා අතර ඒවා පමණක් අනාගත වමාංශය ගොඩ නැගීමට ප්‍රමාණවත් වුනේ නෑ. ඒවායේ ප්‍රතිපලයක් විදිහට තමයි දැන් ෆිඩෙල්ගේ අනුප්‍රතිකයා රාහුල් කැස්ත්‍රෝ විසින් තනි පක්ෂ ක්‍රමයක් පැවතියදීම පුද්ගලික ආයෝජකයන්ට වෙළද පොල විවෘතය කිරීමේ වියට්නාම් පන්නයේ ආර්තික මොඩලයක් හදුන්වා දෙන්න වෙන්නේ.

කෙසේ වෙතත් ෆිඩෙල් කස්ත්‍රෝ යනු ඉතිහාසයේ පීඩනයට එරෙහිව නිදහසේ සිහින සමග අවි අතට ගත් පරම්පරාව අවසන් පුරැකකි.

එළබෙන හෝරා කීපයම ෆිඩෙල් ගැන බොහෝ දේ කථාකරනු ඇත. නමුත් ඒ අප නොව රාජපක්ෂ වැනි තක්කඩිය. අපට වැදගත් ෆිඩෙල්ලා ගැන කථකාරීම නොව ඔවුන්ට වැරදුනු තැන්වලින් ඉගෙන ගැනීමයි.

කවුරැන් හෝ ෆිඩෙල්ට නිවන් සුව ලැබේවා කියා සාමාජ ජාලාවක සටහනක් ද තියා තිබෙනු දුටිමි.

අප කියන්නේ, සුබ ගමන් කොම්රේඩ්, ගිහින් එන්න. ගමන දිගුවූද රලු වුවද සිහින මියදෙන්නේ නැත.

පසන් ජයතිලක

ඩිලන්ගේ නොබෙල් සම්මානය විප්ලවීය නොවේ; තවත් සුදු, පිරිමි සම්මානයක් !!!

අද උදේ මං ඇහැරැනේ බොබ් ඩිලන් සහිත්‍ය සදහා වූ  නොබෙල් ත්‍යාගය දිනාගෙන ඇති බව කියවෙන පුවතකින්.  ඒක වඩා ඛේදාන්තයක් වෙන්නේ  ඩිලන් විසින් දිනාගෙන ඇති නොබෙල්  සම්මානය සමහරැ විසින් එය රැඩිකල්, සාම්ප්‍රධායක ආයතනයක්  අලුත් හුස්මක් ගැනීම, නිර්මාන තල්ලුවක් දෙන හෝ  සාම්ප්‍රධායික නොවන එකක් ලෙස අර්තකථනය කිරීමයි. විශ්ෂ්ඨ ඇමරිකානු ගීත සම්ප්‍රධාය තුළින් කවියේ නව ප්‍රකාශණමානයන්  නිර්මාණය කිරීම වෙනුවෙන් තමයි  සම්මානය සදහා ඩිලන්ව පාදක කරගන්නේ.
ආදළ සම්මානය බොබ් ඩිලන් වෙත පිරිනමන බව දැනුම් දෙන නිල නිවේදනයේදී ස්විඩිෂ් ඇකඩමයේ ස්ථීර ලේඛම් සාරා ඩැනියුස් කිව්වේ  එය  දුෂ්කර තීරණයක් නොවූ බවයි. ඒ වගේම මේ  තීරණය ගැන ඇකඩිමිය  විවේචනය කරන එකක් නෑ කියලත්, ඇය හිතනවා කියලා කිව්වා.
ඒත් ඒ තීරණය  විවේචනයට ලක්වේවි වගේම  එය අනිවාර්යයෙන්ම  විවේනයට ලක්විය යුතුයි. ඕනෑම් සුදු පිරිමි ලේඛකයෙක්ට දෙන සම්මානයක් තවදුරටත් අලුත් දෙයක් හෝ නිර්මාන තල්ලුවක් නෙමෙයි. සරලවම, ඒක ටිකක් වෙනස් ආරක තීරණයක් වුනත් නැවත පැරණ පාරටම කැරකීමක්.
රිචඩ් බ්‍රවුන් theconversation වෙබ් අඩවියට ලියූ ලිපියේ ඔහු ලිව්වා ”  වඩ වඩා ස්වකීය ආත්මීය බැදීම් පිළිබදව වූ ස්වරයන් ද, වඩා රලු සහ වඩා සංවේදී  හාසමය රසයද  සමාජ සාධාරණත්වය වෙනුවෙන් පොරබැදීම සදහා වූ නූතන ලෝකය පිළිබද වූ තම යුතෝපීමය කලාදැක්ම සහ  විශිෂ්ඨමය  කාව්‍ය ගුණයද එකට කැටිකොට ගත්  දැනට ජීවත්ව සිටින අයෙකු පිළිබද ඇමරිකානු සංකෘතියෙන් හෝ සමහර විට ලෝක සංස්කෘතියෙන් බොබ් ඩිලන්ට වඩා අයෙකු සිතා ගන්න ඉතා අමාරැයි.”   ඒක මාව පුදුමයට පත්කලා බ්‍රවුන් අහලා නැද්ද කියලා ටෝනි මොරසන් ගැන හරි මාගරට් ආට්වුඩු ගැන හෝ එලීනා ෆරන්ටේ ගැන.
පරිකල්පනයේ සීමාවන් ගැන සහ සම්ප්‍රධාය ගැන සාහිත්‍ය සදහා නොබෙල් සම්මානයේ කැරැට්ටු එතරම් හොද එකක්  නෙමෙයි.  අවුරැදු 114 ක් වන ඉතිහාසයේ ලේඛිකාවන් 14 දෙනෙකුට පමණයි, ඒ සම්මානය  ප්‍රධානය කරලා තියෙන්නේ එයිනුත් 14 දෙනෙකු පමණයි. එයිනුත් හතර දෙනෙකු විතරයි වෙනස් වර්ණයන් සහිත ලේඛිකාවන්. ප්‍රධාන සාහිත්‍ය සම්මානයන් අතර නොබෙල් සම්මානය ලිංගිකත්වය වෙනස්ම්හිලා ඉතා නරක ආදර්ශක් පෙන්වන්නක් , ලෝක මට්ටමේ  ඉතා ඉහල ඇගයීමක් , සාහිතමය  පිළිගැනීමත් එක්ක එය වඩා ප්‍රශ්ණකාරී වෙනවා.  සම්මානය බෙහෝ විෂයානූකූල මිනුම් වලින් යුක්ත වුනාට මුලින් කිව්ව කාරණයන් ඉතාම වැදගත් වෙනවා.  මොකද මේ සම්මාන අපේ කාලයේ වූ විශිෂ්ඨ ලිවීම් සදහ අනුබල දෙන නිසාම ජනප්‍රියයත්වයට වඩා ලියමනයන්හී තිබෙන ගුණාත්මක භාවයන් ඉතා  වැදගත්.
ගාඩියන්හී නිර්දේශීත නාමයන් අතර  න්ගුගී වූ තියොග් ඕ, ඩොන් ඩෙලීලෝ , හරැකි මුරකාමි  වැනි ප්‍රියතමයන් වෙනවා.  ඔවුන් සියලු දෙනාම ඩිලන්ට වඩා මේ වසරේ සම්මානය සදහා තෝරාගැනීමක් වෙන්න තිබුණා. ඒ වගේම එහි ඕනෑතම්  නවකතා, රචනා ලියන ස්ත්‍රීන්ද  ඒ අතර වුනා මේ සම්මානය පිදීමට සදහා තෝරාගැනීමට.
ලෝකය පුරාම කෙරවලක් නැතිව නැවත නැවතත් මුද්‍රණය වන, අධ්‍යනය වන කව්‍ය, ප්‍රබන්ධ කථා, ප්‍රබන්ධ නොවන කථා ලිව්ව   ආට්වුඩ් මේ සම්මානය සදහා දුන්නම් කොහොමද?  කිසිදු ප්‍රධාන සාහිත්‍ය සම්මානයක් ප්‍රධානය කරලා තියෙනවාද? එහෙම නැත්නම් නවකතා හතලියකටත් වඩා සහ ප්‍රබන්ධ,කෙටිකථා, කාව්‍ය සමූහයන්, වේදිකා නාට්‍ය රචනා කරපු යොස් කැරොල් ඔආර්ටෙස් ? හෝ නෝබල් කමිටුවට ඇත්තටම උවමනා වුනානම් රැඩිකල් තීරණයක් ගන්න  මේ සම්මානය බොහෝවිට  දෙන්න තිබුණා විශ්වාස කල නෙහැකි අන්දමේ  වානිජමය ඉල්ලුමක් ලද 20 ඉතිලියේ සියවසේ සෙක්සිසම් සහ පන්තිවාදය සම්බන්ව අධ්‍යනය කෘතියක් කළ ෆෙරන්තේට. 
මොරිසන්ගේ පස්සේ නෙබෙල් සාහිත්‍ය සම්මානය හිමිවූ  ඇමරිකානුවා ලෙස බොබ් ඩිලන්ට මේ සම්මානය හිමිවීම පසුපසට යාමක් වගේම කථා සාරයන් සහ සාහිත්‍යමය අඛ්‍යයනයන් සම්බන්ධ වන අර්ථ සීමා පුපුරවා හැරි විශිෂ්ඨ ඇමරිකානු ලේඛිකාවට පසුව බොබ් ඩිලන්ට මේ සම්මානය පිරිනැමීමම විශේෂයෙන්ම ප්‍රශ්ණකාරීයි.
නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තාකරලා තිබුණා , ස්විඩිෂ් ඇකඩමිය විසින් ජනප්‍රිය සංගීතඥයෙකු  ලොව ඉහලම සාහිත්‍ය සම්මානය සදහා තෝරාගැනීම සාහිත්‍යයේ සීමාවන් සම්බන්ධව නැවත අර්තකථනය කිරීමක් විදිහට.
ඒක හරි සිත්ගන්නා සුලු පුදුමයක්,  මොකද කිසිදු ස්ත්‍රී ගීත රචිකාවක් ඩිලන්ව තෝරාගත්ත තත්ත්වයෙන් තක්සේරැ කරයිද  හරි සාහිත්‍යයේ සීමාවන් සම්බන්ධව නැවත අර්තකථනය කිරීමක් තුළ  අපේ  පරම්පරාවේ ප්‍රශ්ණ සම්බන්ධව  වැඩි සංගීතමය හඩක් ඇති ස්ත්‍රියක් ඔය විදිහට  අගය කරයිද  කියන එක නිසා.
විශ්වාස කිරීමට පවා අමාරැ වුනන්, බොබ් ඩිලන් විසින් සාහිත්‍ය සදහා වන සම්මානය දිනාගන්නා මේ අවුරැද්දෙම කිසිදු කේෂත්‍රයක නොබෙල් සම්මානයක් වෙනුවෙන් ස්ත්‍රියක් ඇගයීමකට ලක්වන්නේ නෑ. නමුත් විශේෂයෙන්ම ඒ කිසිවක් නොමැතිවම   ඩිලන් විසින්  සම්මානය දිනා ගැනීම සම්ප්‍රධායෙන් පිට සහ ඉතා විප්ලවීම පියවරක් ලෙස අර්ත දැක්වීමට උත්සහ කිරීම  ඉච්ඡාභංගය වැඩිකරනවා.
ප්‍රසිද්ධ පිරිමියෙකුට වඩා සුදුසුකම් සහිත ස්ත්‍රීන් සිටියදීද, නැවත සම්මානය සුදු ජාතිකයෙකුට හිමිවීම,  කියන කාරනා ඔක්කොම බැලුවාම මේ  යන්නේ කොතැනටද කියලා පැහැදිලයි. ඒ වගේම මේ  මගින්  නැවත වරක් ඔප්පු කරලා පෙන්වන්නේ කාලය විසින්  වෙනසක් සිදුකරලා නෑ කියන එක.
නටාලී  කොන්-යූ විසින් ගාඩියන් පුවත් පතට ලියූ Bob Dylan’s Nobel prize isn’t radical. He’s just another white male writer ලිපියෙහි සිංහල අනුවර්ථනයකි.
– පසන් ජයතිලක

ගප්පියාට සහ අනෙක් වර්චුවල් සත්තුන්ට සංස්කෘතික විවේචනයක් !

ගප්පියා කියල වර්චුවල් චරිතයක් එකපාරටම යූ ටියුබ් හරහා මතුවෙනවා. ඒක හරි වේගවත් සහ ගප්පියා යන ගමනට සහ ඔහු අප්ලෝඩ් කරන වීඩියෝවලට ගොඩාක් අය අනුරාගී වෙනවා. කොටින්ම ගප්පියට ඔන්ලයින්වලින් එළියට බැහැලා අවුරුදු උත්සව, ආදර උත්සව විතරක් නෙවෙයි ටීවී හවුස් අස්සෙත් රිංගන්න වෙනවා. ඒවා ඒ විදියට වෙනකොට ගප්පියගෙ යූ ටියුබ් පිටුවටත් ලයික් තො ගණන්වලින් වැටෙන්නෙ.
කාලයක් තිස්සෙ ලංකාවෙ අන්තර්ජාලය වැඩකරන විදිය ගැන පොඩ රිසර්ච් එකක් කරමින් සිටින නිසාම ගප්පියව අපි ප්ලේස් කරල තිබුණේ සංස්කෘතික කලාපය තුළ. ගප්පියා දේශපාලන කලාපය තුළ ප්ලේස් කළානම් ඒ දවස්වලට ගප්පියට ගහල කුඩු කරන්නත් තිබුණා. උදාහරණ විදියට ගප්පිය බටහිර ලෝකය දිහා බලන බැල්ම සහ ගප්පිය ජාතිය ගැන ජාතික කොඩිය ගැන කතාකරන දේවල් ගැලපෙන්නෙ නෑ. ඒත් එහෙම වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන චරිතවල තියෙන පොඩි අඩුපාඩුකම් දැකල කුඩු කිරීමේ උවමනාවක් හෝ පුරුද්දක් වැනි ලෙඩක් සමහර වාමාංශිකයන්ට තිබුනට අපිට නෑ. අපි ඒ රෝගයට බෙහෙත් අරන් පාලනය කරලා දැන් ටිකක් කල්.

අපි කියාගෙන ආවෙ ගප්පියා ගැන. ඔහොම කාලයක් ගියා. ගප්පියා ඔන්ලයින් ස්ටොර්ස් වලටත් ආවා. ටී ෂර්ට් විකුණුනා. හොඳයි…

හැබැයි ගප්පියට තිබුණා එක මොහොතකින් පස්සෙ ඔප්ෂන් දෙකක්. පළමුවැන්න ඔය වීඩියෝ හැදීම නවත්වන්න. දෙවැන්න වෙනත් ක්‍රියේටිව් ෆ්ලැට්ෆෝම් එකකට තමන්ව අප්ගේර්ට් කරන්න.

අපි මේ කියන දේ හැම ආටිස්ට් කෙනෙකුටම පොදුයි. ධර්මසිරි නැවත ෆිල්ම් හදන්නෙ නැති එක ගැන අපට තියෙන්නෙ ගෞරවයක්. හේතුව, තමන්ට තේරෙනව නම් තමන් කරන කලාව තුළ සූර්තාන්තිකව සීමාව පහුකළා කියල වැඩ නවත්වන එක තමා හොඳ. එහෙම නොකරන සියලු කලාකරුවො මියයන්නෙ තමන් කරපු හොඳම වැඩ සම්බන්ධ මතකයන් ප්‍රේක්ෂකයන්ට දීල නෙවෙයි. තමන් අතින් බාගෙට වෙච්ච වැඩවල මතකය එක්ක.

එම්එස් හරි ජෝතිපාල හරි දැන් හිටිය නම් ස්ල්ෆ්ලවර් සමග කැසට් එකකකුත් ගහල, අර 70 දශකය තුළදි ඔවුන්ගේ සංගීතයට ආපු ජෑස්, පොප්, ටියුන් වෙනුවට 90 න් පස්සෙ ලංකාවෙ සංගීතයට ආපු ඔක්ටපෑඩ් ටියුන් සමග තියෙන සින්දු ටිකක් තමයි අපට ඉතිරි වෙන්නේ. අපි මේ කියන්නෙ ඔවුන් මියගිය එක හොඳයි කියල වගේ අදහස් නෙවෙයි. අපි කියන්නෙ කලාව කරනකොට නවත්තන්නෙ කොතනද කියල අදහසක් තියෙන්න ඕන.

නැවත සෙක්සිස්ට් ගප්පියාට,

ගප්පිය ඔය දෙකම නොකර තවම පරන පුරුදු විදියටම වීඩියෝ කෑලි කරමින් සිටිනවා. අන්තර්ජාලය ආර්ට් කරන්න ෆ්ලැට්ෆෝර්ම් එකක් විදියට තෝරගන්නවා නම් අපි තේරුම් ගන්න ඕන ඒක කොච්චර වේගවත් ද කියලා. ගප්පියට කියන්න පුලුවන් තවම වැඩ පටන් ගත්ත විතරයි කියලා. නමුත් අන්තර්ජාලය තුළ වැඩ පටන්ගත්ත ගමන්ම තමයි ඉවර වෙන්නේ. අන්තර්ජාලය තේරුම් ගන්න වෙන්නෙ එහෙම. දැන් වෙන දේ ගැන අපි ගප්පියා උදාහරණයෙන්ම තේරුම් ගනිමු.

ගප්පිය කිව්වේ,

‘…. මටත් ඕනෙ රැප් කරන්
පොරක් වෙන්න….’

ගප්පිය ඒ වැඩේ කලා. ඇත්තටම ගප්පියා පෙන්නුවා පොරක් වෙන්න වර්චුවල් ස්පේස් පාවිච්චි කරන්නෙ කොහොමද කියලා. ඒක කාලයක් තිස්සෙ ෆිල්ම් කරන අපේ සිනමා මිත්‍රයන්ට ටිකක් අධ්‍යයනයක කළයුතු වැඩක්. අපි යෝජනා කරනවා.

නමුත් වැඩේ උනේ වර්චුවල් ස්පේස් එකේදී වැඩ නවත්තන්නෙ කොතනද කියල අදහසක් නැතිඋනොත් ඒක ඇතුළෙම සංස්කෘතිව අනාථ වෙනවා. හරියට ගප්පියට දැන් වෙලා තියෙනවා වගේ.

ගප්පියා දැන් එයාගේ ඕස්ට්‍රේලියන් වයිෆ්ව දාල කර වීඩියෝවලට අපිට කියන්න තියෙන්නෙ ‘ස්ටීරියෝ ටයිප් පිරිමි හදන කසිකබල් සෙක්සිස්ට් වීඩියෝ’ කියලා.

අපි කිව්ව වගේම වර්චුවල් තුළ අන්ධවුනාම පේන්නෙ කොච්චර ලයික්, හිට්ස් සහ ඒ හිට්ස් බැංකු ගිණුමට කොච්චර දානවද කියල විතරයි.

ස්ත්‍රීන් විතරක් නෙවෙයි කොටින්ම ‘මිනිස්සු ඔබ්ජෙක්ට්’ කරන වැඩවලට අපි කොහොත් විරුද්ධයි. ඒ වගේ වැඩ තවදුරටත් විකල්ප වැඩ නෙවෙයි. ඒවා බටහිරට පෙන්නුවත් ලංකාවේ ඉන්න උන්ට පෙන්නුවත් දේශපාලනික සහ සංස්කෘතිකව පර්වර්ෂන් වැඩ.

මේ කිව්ව ටික ගප්පියට විතරක් නෙවෙයි අනෙක් වර්චුවල් ස්පේස් එකේ ආර්ට් කරන සත්තුන්ටත් අදාලයි.

සටහන – පසන් ජයතිලක  / Feb 08, 2016

අලුත්ගම ; සැබෑ වී ඇත්තේ ජාතියම දුටු එකම එක සිහිනයයි

කොළඹ රජය දෙමළ වර්ග සංහාරය කරන අතරතුර කොළඹ රජයේ රෑපවාහිනී මෙන්න මෙහෙම ගීතයක් වාදනය කළහ.

සැවොම එක්වෙමු  එක්ව නැගිටිමූ
මහා බලයක් විහිදුවාලමූ
අපේ රට හෙට එකම එක සුර පුරයක්

බියෙන් කදුළින් ගෙවූ කාලය දැන් ඉතින් අවසන්
පස් පියුම් බිගු රැගුම් දෙන වසන්තය ඇවිදින්
රටම දැක්කේ එකම එක සිහියයි
සැබෑ වී ඇත්තේ
ජාතීයම දුටු දේශයක් පැතූ
එකම එක සිහිනයයි.

මේ දැන් අපිට බලෙන් පෙන්වමින් සිටින්නේ ඒ කියන ආකාරයේ රටම දුටු සිහිනයයි. නමුත් ඒ සින්දු ඉපදෙන්නට පෙර බොබ් මාලේ විසින් ගැයූ ගීතයක මෙන්න මෙහෙම වෙයි.

In this great future, you can’t forget your past,

අපිට එය සිංහලෙන් මෙහෙම කිව හැකිය.

මේ ආශ්චර්යමත් අනාගතයේදී ඔබට ඔබේ අතීතය අමතක කල නොහැක

අලුත්ගම, දර්ගා නගරයේ මුස්ලිම් ජනයා ඉලක්ක කර සහ සමස්ථයක් ලෙස ලාංකික මුස්ලිම් ජනයා ඉලක්ක කරගෙන ඊනියා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් ගෙන යන හිරිකත වර්ගවාදයට අප කියවා ගන්නේ කෙෙස්ද යන්න ඉහත බොබ් ගේ සිංදුවේ ගීත කණ්ඩය අපට උදව්වනවා නියතය.

දැන් බොහේ සැදැහැවතුන් හැසිරෙන්නේ අපි නම් දන්නේ නෑ ඥානසාර. එයා හරි නරකයි. එයා අවිංහිසාවාදී බුදුදහම තෙල්බාන් කරනවා. අපට කියන්නට ඇත්තේ දෙමළ ජනයාට එරෙහිව දශක තුනක් තිස්සේ සිංහල-බෞද්ධ මිලේච්ඡත්වයේ සංඛේථාත්මක කූඨාප්‍රාප්තිය ඥානසාර බවයි. කොටින්ම ඥානසාර යනු හුදු එක් පුද්ගලයෙක් නොව සිංහල ජාතිකවාදයේ ගොබ්බකම සහ මිලේඡත්වයේ නූතන සංඛේතය වේ. ගුණදාස අමරසේකරලා, නලින්ද සිල්වලා, මාලින්ද සෙනවිරත්නලා වර්ග සංහාරක යුද්ධය ලුණු ඇඹුල් දමමින් තැනූ ජාතිකවාදී ගූ ගොඩේ නූතන ප්‍රකාශණයි. අපට අනුව බුදුදහම මිලේච්ඡත්වයට පත් කර මෙහෙයවූයේ ඥානසාර විසින් නොවේ. බෞද්ධ දර්ශණය මිලේච්ඡත්වය කරා මෙහෙයවූයේ සත්පට්ඨාන සූත්‍රයෙන් පටන්ගෙන දෙමළ වර්ග සංහාරයට මතවාදී දායකත්වයක් දුන් මාලින්ද සෙනවිරත්න වැනි අය මෙන්ම අපේ උත්තම රණවිරුවන් කියා දෙමළ වර්ග සංහාරය කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පැතූ සිංහල බෞද්ධයන් විසිනි. ඒ අනුව ඥානසාර යනු මේ සම්ස්ථයේ අලුත් තත්ත්වයයි.

FACE BOOK පුරා දුක් කවි ලියන චූටි නංගිලා මල්ලිලා හරි ෂෝක් ය. මේ අය දෙමළ ජනයා ඝාතනය කරද්දී සිටියේ කොහේදැයි දන්නේ උඩ හෝ යට ඉන්න දෙවියෝම පමණි. දෙමළ ජනයාට එරෙහිව එසවුනු අවි මුස්ලිම් හෝ සිංහල-බෞද්ධ හෙජමොනියට විරුද්ධ ඕනෑම කෙනෙකුට ඊළග ඉලක්කය වීමට නියමිත බව මුලින් වටහා ගැනීමට මේ බබාලාට නොහැකි විය. උදාහරණයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර තොත්ත බබාට අනුව වර්ග සංහාරක යුද්ධයට සහය දීමය ඔවුන් 2004 දී ගත් ප්‍රතිපත්තිමය තීරණය ඔහු කියන්නේ තවම නිවැරදි බවයි. මේ ළදරු වාමාශික බබා කියන්නේ දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට තමන් ගත තීන්දුව නිවැරදි බවයි. මේවා ගැලරියට කරනා ටොක් හෙවත් දකුණේ ඡන්ද මැෂිමට ගසනා තෙල්ය.

බහුතරයක් බබාලා සිතා සිටින්නේ මුස්ලිම් ජනයාට එරෙහිව දැන් පැන නැගී ඇති වර්ගවාදී ප්‍රහාරය හිටිහැටියේ සිදුවූවක් බවයි. නමුත් තාර්කික කරුණ සහ දේශපාලනික තර්කය වන්නේ අප මේ අත්විදිමින් සිටින්නේ බොබ් කී ලෙසම වර්තමානයේ අප අත්විදිම් සිටින්නේ, අපගේ අතීතයයි . රටක් ලෙස හමුදාකරණයට කිරීමේ ප්‍රතිවිපාකයයි. අපි වෙනුවෙන් අපි කළ විනාශයයි.

මේ ජනයාට
එදවස මෙන්නම
මෙදවසද
ත්‍රිලක් උවමනා වී තිබේ

තලුමරන්නට
කෙළ පෙරන්නට
ගිනිතියන්නට
පෙති කපන්නට
මසක් අවශ්‍යකර තිබේ.

රටක් හමුදාකරණයට ලක් කරන්නේද, එක් ජාතියක් විනාශ කිරීමට මනෝභාවයක සමස්ථ සමාජය ගිල්ලවන්නේ ද අපට මේ මොහොතේ සිදුවන දේට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. මුස්ලිම් ජනයා පමණක් නොව තමන්ගේ මතයට එරෙහි සියලු දෙනා වෙත මරණ සහතික සිංහල ස්වෝත්තමවාදීන් විසින් නිල වශයෙන් ලියා දෙනු ලැබුවේ 2009 මැයි 18 වැනිදා ය. මේ මොහොතේදී පවා සුලු ජාතීන් ගැන කථා කරනා බොහෝ අය ඔවුන් වෙන්ව යන්නට අවශ්‍ය කිවු විටදී ඔවුන් විනාශ කරන්න මේ බහුතරයක් ඊනියා අනුකම්පාවාදීන් ද පෙරමුණ ගනු ඇත.

නැවතත් කියන්නේ ඔබට මේ ආශ්චර්යමත් අනාගතයේදී ඔබට ඔබේ අතීතය අමතක කල නොහැක මේ අප පසුපස පන්නා එමින් පවතින්නේ ඒ අතීතයමය.

පසන් ජයතිලක | Pasan Jayathilaka  / 2014-06-19

තවත් මල් මිලින වන්නට පෙර ගිටාරයෙන් වෙඩි තියන්න එන්න

ඔ බ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි.
නමුත් උනන් හා  ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි.

අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි.

ඝාතනය සඳහා වන මොනම හේතුවක්වත් මම විශ්වාස නොකරමි.

යථාර්ථය විසින් පරිකල්පනය සඳහා බොහෝ දේ ඉතිරි කර තබයි.
ඔබ විනෝද වීමට වැය කල කාලය නාස්ති වී නොමැත.

–    ජෝන් ලෙනන්

ගෙවමින් සිටින මේ නිශ්චිත නිමේෂයේදී  අප සමාජයට උවමනා කර තිබෙන්නේ ලෙනන් කී පරිදිම එක්ව දැකිය හැකි සිහිනයකි. ඒ සිහිනය යාථාර්ථයක් දැක්වා කැඳවාගෙන යා හැක්කේ ද කොන්දේසි විරහිත විමුක්ති සම්මුතිකයකටම පමණි.

අපේ කාලය එළඹෙන්නේ වසන්තයක් රැුගෙන නොව අපේ මල් පාත්තියේ පීදෙන්නට ඔන්න මෙන්නව සිටි අවසන් මල් පොහොට්ටුව මතින්ද ඉතිහාසයේ බුල්ඩෝසර ඇදීගිය පසුවය. එම නිසා සියල්ලෝ ගල් ගැසුණු මේ අයිස් යුගය නැවත් සහෝදරත්ව උණුසුමින් වැළඳ ගැනීමේ අසීමිත ලලසාවෙන් පසුවෙයි.

ඒ නිසාම මේ මොහොතේ එම උණුසුම සමාජය වෙත නැවත කැඳවීමේ අභියෝගය අප සැමට අභිමුඛ වී ඇත. පවතින ක‍්‍රමය තුළ සියලූ මානව සම්බන්ධතා වෙත මිලක් නියමවෙද්දී, සමස්ත විමුක්තිය සොයායාම වෙනුවට ස්ව්‍යං විමුක්තියක් යෝජනා වෙද්දී පවා සමහර මිනිසුන් සහ ගැහැණුන් අපරිමිත ධෛර්්‍යයෙන් යුගය විසින් තමන්ට පවරන ලද අභියෝගයට මුහුණ දෙමින්  සිටිති.

අපේ කාලයේ වීරයන් දෑස් ඉදිරිපිට දකුණේ මාවතක් මාවතක් ගානේ ටයර් සෑයවල් මත අළුව යද්දී,  මුල්ලිවෛයිකාල් ලූණු පස මත සුනුවිසුනු වී යද්දී ඒ අළුමතින් නැගිටින්නට ෆීනික්ස් කුරුල්ලා තවම පැමිණ නැති මොහෙතක නැවත සමස්ත සමාජයම මේ මහා නිද්‍රාවෙන් අවධිකිරීමේ කාර්ය නිතැතින්ම  කලාකරුවා වෙත පැවරෙයි.

‘මරාසාද්’, මරා රජයේ ප‍්‍රධාන උපදේශකයකු බවට පත්වෙද්දී, ජාතිවාදයට එරෙහි රත්නවල්ලියේ සංගීතය රියලිටි වැඩ සටහනක් දක්වා විතැන්වෙද්දී  අපේ කලා සගයන් නැවත වටයකින් සංවාද ගත කිරීම අනාගතයට කරනා උත්කෘෂ්ට අයෝජනයක් විය හැකි බැවින් අපේ කාලයේ විකල්ප සංගීතය සම්බන්ධව අලූත් කතිකාවක් ආරම්භකිරීමට මේ නිමේෂය අපට බලකර සිටී.

අපේ කාලයේ  විකල්ප සංගීතය ඇරඹෙන්නේ  89 තරුණ නැගීටීම  යටපත් කර දැමීමට දියත් වූ මර්දනයට විරුද්ධව මතු වූ  විමුක්ති ගීත සම්ප‍්‍රදායෙන් සහ ඊට සමාන්තර බිහි වූ නන්දාමලනී- සුනිල් ආරියරත්න යුගලය –  විසින් කළ පවන, පේ‍්‍රමසිරි කේමදාසගේ –  කිලර් ආදී සංගීත කෘති ආශ‍්‍රයෙනි.

නමුත් දේශාපාලන කතිකාව ජාතිවාදය දක්වා තල්ලූවීමෙන් පසුව එම ආරයේ කෘතීන් සියල්ලෙහි  තිබූ වචනාර්ථයන් ජාතිවාදය පෝෂණය කරන තැන දක්වා දිගු වූ අතර එවැනි  තතත්ත්වයක් තුළ එම නිර්මාණ තවදුරත් විකල්ප ධාරාව  නොව අධිපති දෘෂ්ඨිවාදය පෝෂණය කරනා තැනක් දක්වා විතැන් වී ගියේය.

සමහර නිර්මාණ එම දේශපාලන ව්‍යාපෘති තුළින්ම එහි වූ ජීවගුණය මරාදැමුණී.

වේලූපිල්ලේ අයියේ මට සමාවෙයන්
වේල් පෙරහැරේ මම නුඹලට බැන්නා
දෙවේලේ නුඹලා තල තෙල් ගඳයි කියා
වේල නොකා හිටියත් මං බැලූවේ නෑ

මේ වැනි දෙමළ සිංහල සහෝදරත්වය ගැන ලියවුනු ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී එම දේශපාලන ව්‍යාපෘතිය තුළදීම වේලූපිල්ලේ අයියලා දහස් ගණනක් මරාදමන්නට අන්ත ජාතිවාදයටකට විතැන් වීමෙන් ඒවා  වචන  බවට පමණක් පත් විය.

විමුක්ති ගී සහ එකල එම ධාරාවේ බොහෝ නිර්මාණ ජාතිය සහ මව්බිම පදනම් කරගත් පටු දේශාපලන සීමාවන්ගේ සිරව නිර්මාණය වී තිබූ නිසාම එම කාලය තුළදී විකල්ප ධාරාවේ තබා විඳි ආශ්වාදය මේ යුගයට අදාළව විඳිය නොහැකි වී තිබේ. හේතුව එහි වන දේශපාලනික සීමාවන්ගේ වන  පටුකමය.

විශේෂයෙන් ලෝක ධාරාවේ සංගීතය  යුධ විරෝධී, ක‍්‍රමවිරෝධීව ප‍්‍රති සංස්කෘතික අර්ථයෙන් ගොඩනැගෙද්දී අපේ මුල්කාලීන විකල්ප ධාරාවේ සංගීතය ජාතිය මව්බිම පදනම් කරගනිමින් නිර්මාණය විය. එම පටු මනෝභාවය නිසාම එම දේශපාලන ව්‍යාපෘති පමණක් නොව ඒවාට සම්බන්ධව වූ ශිල්පීන් පවා දේශපාලනිකව ජරාජීර්ණ වී යන ලදී.

විශේෂයෙන් ලෝක විකල්ප සංගීතයේ ලෝක ධාරව එම රටවල දේශපාලනයට අතිශය බලපෑම් සහගත විය.  ඇමරිකානු අධිරා්‍යවාදීන්ගේ වියට්නාම ආක‍්‍රමණයට එරෙහිව ජෝන් ලෙනන් සිය කටහ`ඩ අවදිකලේ යුද විරෝධී ව්‍යාපාරායේ පතාක යෝධයෙකු බවට පත්වෙමිනි. වොෂින්ටන් නගරයට ඒකරාශී වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔහුගේ ඨසඩැ ඡුැ්ජැ ් ක්‍ය්බජැ  ගීතය එක්ව ගායනා කරමින් එම අධිරාජ්‍යවාදී යුද්ධය නවතන ලෙස බල කළහ.

 

Everybody’s talking about
Bagism, Shagism, Dragism, Madism, Ragism, Tagism
This-ism, that-ism, ism, ism, ism.

All we are saying is give peace a chance
All we are saying is give peace a chance

C’mon
Everybody’s talking about Ministers,
Sinisters, Banisters and canisters
Bishops and Fishops and Rabbis and Pop eyes,
And bye bye, bye byes.

All we are saying is give peace a chance
All we are saying is give peace a chance

එම ව්‍යාපාරය තුළ ලෙනන් ගේ බලපෑම කෙතරම්ද යත් රිචඞ් නික්සන් ආණ්ඩුව දින 60 ඇතුළතදී රටින් පිටවන ලෙස ඔහුට නියෝග නිකුත් කෙරුණි.  එයට රිචඞ් නික්සන් වෙත සිය ප‍්‍රතිචාරය දන්වා සිටියේ පුවත්පත් සාකච්ඡුාවක් කැඳවමින් ” ඉඩ-කඩම් නැති, සීමා මායිම් නැති, පාස්පොට් නැති, මිනිසුන් පමණක් ම වෙසෙන නුටෝපියානු රාජ්‍ය බිහිවීම පිළිබඳ නිවේදනය කරමිනි. ”  ලෙනන් අධිපති දෘෂ්ඨිවාදී දේශපාලනයට  එපිටින් තම සංගීත භාවිතාව පිහිටුවීය.

පොදු යහපත උදෙසා කටයුතු කරන මිනිසුන්ට..
මිනිසාගේ සමානාත්මතාව සුරකින සාධාරණත්වයට…
ජීවිතය විඳීමට ඉඩ සලසන සාමකාමීත්වයට….
අනෙකාගේ නිදහස කෙලෙසන නිදහස නොව සැමගේම නිදහසට…

එසේ ගයන්නේ තමන්ගේ ජීවිතයේ අවසන් තත්පරේදී තමන් විශ්වාස කළ අරමුණ වෙනුවෙන් කැපකළ වික්ටර් ලිඩියෝ හාරා මාර්ටිනේස් නැතහොත් වික්ටර් හාරාය. සමාජවාදයේ  ද එහි වූ ජීවන පැවැත්මේද අපරිමිත ආශ්වාදයෙන්  ඔහු ලෝක ධනපති දෘෂ්ඨියට විකල්පව සිය සංගීතය පිහිටවීය.

1973 සැප්තැම්බර් 11 වැනිදා  චිලියේ ක‍්‍රියාත්ම වූ හමුදා කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස චිලියේ සමාජවාදී ආණ්ඩුව පෙරලා එහි ජනාධිපති වූ අයියන්දේ ඝාතනය කරනු ලැබීය.

අත්අඩංගුවට ගනු ලැබූ වික්ටර් සහ තවත් දහස් ගණනක් වූ පිරිස්, සිරකරුවන් ලෙස ක‍්‍රීඩාංගනයකට රැුගෙන යනු ලැබීය. බොහෝ දෙනෙක් එහිදී අනේක විද වධ වේදනාවලට ලක් වෙමින් මිය ගියහ. වික්ටර් ද දිගින් දිගටම හමුදා සෙබළුන්ගේ වධ වේදනාවලට ලක්විය. ඔහුගේ ඉල ඇට මෙන්ම දෑත් ද කඩා දැමුනි. එම බිහිසුණු සිදුවීම සියැසින් දුටුවන් පවසන පරිදි දෑත් කඩා දැමූ වික්ටර් ට ඇතැම් හමුදා සෙබළුන් අවඥා සහගත ලෙස ”හැකිනම් දැන් ගිටාර ගහපන්” යැයි පවසා ඇත. වික්ටර් එහිදී ”වෙන්සෙරෙමොස්” (අපි දිනන්නෙමූ* නම් ගීතය ගයනු ලැබීය.

මා මුලින් සඳහන් කළ පරිදිම අපේ කාලය එළබෙන්නේ අපේ මල්පාත්ති මත වූ අවසන් මල් පොහොට්ටුවද තලා පොඩිකර දැමූ පසුවය. සියලූ පිළිම පුපුරා සුනුවිසිනු වී ගිය යුගයක  අපේ කාලයේ විකල්ප සංගීතය බිහිවන්නේ දේශපාලන ව්‍යාපෘති ආශ‍්‍රයෙන් නොව එම මේ යුගයේ වචනයකින්ම කියනවානම්  උණක් ලෙසය.

අපේ කාලයේදී ජෝන් ලෙනන් පවා ස්ථානගත වන්නේ විකල්ප සංගීතය තුළ නොව ජනප‍්‍රිය එෆ් එම් සංස්කෘතිය තුළය. මෙවැනී වූ අංකලංචි රැුසක් මත බිහිවන මේ යුගයේ විකල්ප සංගීත ධාරාව බිහිවන්නේ සෘජු විකල්ප හෝ ක‍්‍රමවිරෝධී අර්ථයෙන් නොව ප‍්‍රතිසංස්කෘතික අර්ථයෙනි.

අජිත් කුමාරසිරිව ගත්තද, චින්තක ගීතදේව, ශාක්‍ය වීරසිංහ  ආදී කොළඹ මූලික කරගත් සංගීත ශිල්පීන් ගත්තද ඔවුන් සෘජූව දේශපාලය හා නොගැටෙන අතර ඔවුන්ගේ ගීත නිර්මාණවල ඈත්තේ පවතින සංස්කෘතක  තත්ත්වයන්ට සෘජූ විවේචනයකි. එය විග‍්‍රහයක් තුළ අපට දේශපාලන විවේනයක් දක්වා පෙරළාගත හැකිවීම වෙනම වූ කාරණයකි.

විශේෂයෙන් අජිත් සිය මුල්කාලය විවිධ දේශපාලන කණ්ඩායම් සමග සහ සම්බන්ධවෙමින් සිය සංගීත භාවිතය විකල්ප දේශපාලන ධාරාවන් සමග සමාන්තරව ගෙන ගියද තැනකින් පසු ඔහුගේ භාවිතය දේශපාලන ධාරාවෙන් ඉවත් වී සංස්කෘතික කලාපයක් දක්වා විතැන් වෙයි.

අජිත් කුමාරසිංහට වාම හැඩයක් දෙන්නේ හිරු කණ්ඩායම විසිනි. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි 2006 හිරු කණ්ඩායමේ අනුග‍්‍රහය සහිතව අජිත් රොක් අයි.එස්. ඕ කියා ප‍්‍රසංගයක වෙත මුලපුරනු ලැබුවේ.  එවිට අජිත් ගේ සංගීතය සහ එම සංගීතය ඔස්සේ හිරුකණ්ඩායම ගොඩනැගු තර්කයෙන් අජිත්ද හිරුකණ්ඩායමද අන්තර් පෝෂණය වෙමින්  අජිත්ගේ සංගීත රටාව ලංකාවේ විකල්ප සංගීත කලාවට නව මානයක් එකතු කරනු ලදි.

2012 වනවිට ‘නෝ මෝ මාක්ස්’  ප‍්‍රසංගය තුළ  මුලින් සඳහන් කර පරිදිම දේශපාලන  ධාරවෙන් ඉවත් වී සංස්කෘතික කලාපයක් තුළ ස්ථාන ගත කරනවා. එවිට මුලින් පැවති දේශපාලන විවේචනය වෙනුවට අජිත්ගේ සංගීතය ස්ථාන ගතවෙන්නේ සංස්කෘතික විවේචනයක් තුළ.

උදාහරණය ලෙස අජීත්ගේ ඛදඩැ * ඪධඔෑ

ග‍්‍රීස් ගහේ මුදුනටම ගියා
මං
ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා
සිංහල අවුරුදු දවසේ
මෙය දේශපාලන විවෙනයක් දක්වා දිගුකළ හැක්කේ දේශපාලන ව්‍යාපෘතියක පමණි. එසේ නොමැති වූ තැන් පටන් එය සංස්කෘතික විවේචනයක් දක්වා පටු වෙයි.

ඒ ලෙසම ශාක්‍ය වීරසිංහ, චින්තක ගීතදේව, පාලිත අබේවර්ධන, තිලක් මේ සියලූ දෙනාගේම සංගීතයේ පොදු ලක්ෂයක් ලෙස ගත හැක්කේ පවතින දෘෂ්ටියට ප‍්‍රතිපක්ෂිව සිය නිර්මාණයන් පිහිටුවීමයි.  නමුත් එම දේශපාලන විවේචනයක් දක්වා  දිගුකර ගැනීමට අවශ්‍ය දේශපාලනික මැදිහත් වීම ඔවුගේ නිර්මාණවලටද ලැබී නැත.

එක් අර්ථයකින් මේ යුගය දේශපාලන ව්‍යාපෘතීන් බොහෝමයක් අර්බුදයට ගිය යුගයකි. එම නිසාම සමාජයට අවශ්‍ය දේශපාලන දිශානතිය පෙන්වීම දේශපාලන ව්‍යාපෘති තුළින් බලාපොරොත්තු විය නොහැකි යුගයකි.

මෙවැනි හේතු ගණනවාක් නිසාම  ලංකාවේ විකල්ප සංගීතයේ සීමාවන් මේ කාලය වන විට වඩාත් පටුවී ඇත. උදාහණයක් ලෙස ගුණදාස කපුගේගේ

බිම්බරක් සෙන`ග ගැවසුණුු
චන්ද්‍ර සූර්යා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ …

ගීතය හා තිලක්ගේ

දවසක් මන් පාරදිගේ
ඔහේ ඇවිඳගෙන ගියා
වෙන කරන්න දෙයක් නැති හිංදා
ඔහේ ඇවිද ගෙන ගියා

කියන ගීතය වෙනස් වන්නේ කොතැනින්ද? එය විකල්ප සංගීතයක් වන්නේ වෙනස් වචන ටිකක් කී පමණින්ද වෙනත් දේශපාලන භාවිතයක් තුළද? එසේත් නැතිනම් වෙන යමක් තුළද? මෙය අපේ කාලයේ විකල්ප සංගීතය ගොඩැනැගීමේදී කතිකා ගත කළයුතු මාතෘකාවකි.

යුගයකදී විකල්ප ධාරාව නියෝජනය කළ බොහො දේ ඊළ`ග යුගයේදී මහා සංස්කෘතිය විසින්ම කාලයානුරූපීව එයට අවශෝෂණය කර ගනී. එදා නන්දා මාලනී, ගුණදාස කපුගේ වැන්නන් පවැති තත්ත්වය විවේචනය කරමින් කළ නිර්මාණ අද දවසේ කැසිකල් සංගීතය බවට විතැත්වී ඇති අතර අද එම සංගීත සංස්කෘතිය තුළ විග‍්‍රහ කරන්නේ පැවති සමාජ සන්දර්භය ඉවත් කොටය. එනම් එම නිර්මාණ බිහිවීමට බලපෑ සාරය ඉවත් කොටය. එයට විෂයෙහිම සාරයක් ඔබ්බවා ඇත.

අද දවසේ අපේ යුගයේ විකල්ප සංගීත සගයන්ට අභිමුඛ වී තිබෙන ප‍්‍රධාන අභියෝගය නම් පවතින සමාජ දේශපාලන අර්ථික තත්වයන් සංගීතයට මුසුකරන්නේ කෙසේද? එය තාලයට හා නාදයට පමණක් සිදුකළ හැකිද යන්නයි.

පසුගිය කාලයේ ලොවම කැළඹූ   මේ නිශ්චිත මොහොතේදී රුසියාවේ පවතින අධිපති දේශපාලන මතවාදයට සහ ආගමික දෘෂ්ටියට එළිපිටම සිය සංගීතයෙන් අභියෝග කළ ‘පුසි රයිට්’ පංකි රොක්  සංගීත කණ්ඩායම ගැන අන්තර් ජාලය ඔස්සේ විවිධ වූ තොරතුරු ගලා එන්නට විය. ඔවුන් රුසියාව තුළ සිදුකළ සංගීත මෙහෙයුම  නීරීක්ෂණය  කිරීමේදී පැහැදිලි වන එක කරුණක් නම් තවදුරටත් විකල්ප සංගීතයට සංගීතය සහ හ`ඩ තුළ පමණක් පිහිටිය නොහැකි බවයි. ඒ නිසාම ‘පුසි රයිට්’ ඔවුන්ගේ රටේ පවතින බල රටාවට , ආගමික සංස්ථාවට විරුද්ධව සිය සංගීතමය ඉදිරිපත් කිරීමට ප‍්‍රසිද්ධ දේවස්ථානයේ අල්තාරය තෝරාගත්තා පමණක් නොව එහි ගායනා ශෛලියට දේව යාඥා ශෛලියද ආදේශ කළේය. සත්‍ය ලෙස එය විකල්ප සංගීතමය වික‍්‍රමයක් විය. රුසියාව පමණක් නොව ලෝකයේ සතර කොනම කළඹන්නට ඔවුන්ට හැකිවිය.

එම සංගීත මෙහෙයුම මෑත ඉතිහාසයේ විකල්ප සංගීතයේ විප්ලවීය වෙනස ඇතිකළා යැයි කියතහොත් නිවැරදිය. එනිසා අපගේ විකල්ප සංගීත සගයන්ට යෝජනා කිරීමට ඇත්තේ සංගීතය සහ පද රචනා වලින් පමණක් තවදුරටත් විකල්ප ධාරාවට පැවතිය නොහැකි බවයි.

එක් පසෙකින් මේ මොහොතේදී සමාජයේ  තත්ත්වය පිළිබඳ තමන්ට තියුණු සහ දියුණු විග‍්‍රහයක් තිබිය යුතු අතරම අනෙක් පසෙකින් එම විග‍්‍රය ඔස්සේ ගොඩනැගෙන සමාජ දේශපාලනික ආර්ථික විග‍්‍රහය සමාජ ගත කරන්නේ කෙසේද යන්නට වඩා පුළුල්ව අභා්‍යාස කළයුතු, සංකල්ප ගොඩනැගිය  යුතු අවධියක් අප සැමට අභිමුඛ වී ඇත.

මේ සමාජ මොහොත එලෙස නව අභ්‍යාසයක් ඔස්සේ අතික‍්‍රමණය කරන්නට එම සංගීතයට හැකි වූවහොත් එවිට එය සීතලින් ගල් ගැසුණු මේ යුගයට නැවත  සහෝදරත්වයේ උණුසුමේ මිහිරියාව කැඳවාගෙන නොඅනුමානය.

සංවාදයට විවෘතයි !

Pasan Jayathilake- පසන් ජයතිලක / 

රවිගේ ලියමු ගැන පසන් ගේ අදහස

 

රවි කරැණානායක, ලංකාවේ මුදල් අමාත්‍ය වරයාය. මුදල් අමාත්‍යවරයෙකු වීම බරපතල රාජකාරියකි. දේවා කාරීන් හා සහ රාජකාරියකි. මොකද එක බින්දුවක මිස් එකක් කෙල කෝට් ගණනකට කෙලවිය හැකි බැවිනි. ප්‍රශ්ණය වන්නේ රවීලා බින්දු හරහා කෙළවන්නේ රවීගේ කොම්පැනි වලට නොව හුලනුත් නැතිව රිම් එකෙන් යන අපි වගේ නිරායුධ පොදු ජනයාගේ ජීවිත වලටය.

බැදුම්කර බයිස්කෝපය හරහා මේ එළියට එන්නේ ඒවාගේ බින්දු වලින් රිම් එකෙන් යන අපිට කෙළිය හැටිය.

චාමර ගුරැගේ කියලා අපිට ඉන්න යාලුවෙක් දවසක් හරියටම ලංකාව නිර්වචනය කලා. මතක විදිහට කොහේ හරි නාට්‍ය පුහුණුවකට ගිය වෙලාවක ඔය කුණ්ඩසාලේ පැත්තේ. ඌ කිව්වා ලංකාව කියන්නේ කිසිම තියරියකට හරියට ගන්න බැරි රටක්. හැම විනාඩි 90 කට එක කාන්තාවක් දුෂණය වන ජීඑස්පී ගන්න විවාහ නීති රිවීව් කරන ඔලිම්පික් මෙඩල් දිනන. ක්‍රිඩකයන්ට වඩා නිළධාරීන් වැඩිවෙන් ක්‍රිඩා තරග වලට යන, ස්වාධීන කරන්න කියලා බලය අරගෙන ස්වාධීන කියන වචනය තමන්ගේ දේශපාලන මුලාශ්‍රව මකලා දාන නායකයෝ ඉන්න මෙන්න මේ වගේ අමුතු රටක්.

ඒවාගේ රටක තමයි ගෝඨාභයලා සල්ලි හෙව්වේ කොම්පැනි දාලා. කොම්පැනි දාලා කියන්නේ රත්නා ලංකා, ඇවන්ගාඩ් ඔවා ඔක්කොම නීතිය නවලා පොදු ජන බදු මුදල් හොරාකන්න පුලුවන් ටිකක් දියුණු ක්‍රම.

කොටින්ම අන්තිමට අපේ සල්ලි අපිටම ගහන තරමට ගෝඨාභය පොරක් වෙන්නේ ඔය මුල්‍යමය හයිය.

ඔය අස්සේ තමයි ඒකාධිපතියා ගෙරද යවන්නේ පාරවල්ගානනේ ඒකාබද්ධ කියලා ලක්ෂ වාරයක් මතුර මතුර ඉන්න. සිවිල්ස සමාජය අපි ඊට පස්සේ හිතුවේ මේ ක තමයි වෙලාව රාජපක්ෂලා විනාශ කරපු සමාජ ආචාර ධර්ම පද්ධතිය නැවත සංස්ථාගත කරන්න.

නමුත් අපි හිතුව විදිහ වැරදියි.

ඇත්තටම වෙලා තියෙන්නේ ගෝඨාභයගේ රත්නා ලංකා මාරැවෙලා ෆීල්ඩ් මාර්ෂල් ඇමති ෆොන්සේකගේ සහ එයාගේ බෑනට අයිති යුනයිටඩ් ගාර්ඩ් ගෝබල්ලට රාජ්‍ය ආයතන වල සිකුරිටි බිස්න්ස් මාරැවීමය.

කබ්රාල්ලා වෙනුවට අර්ජුන් ලා බයිස්කෝප් නැටීමය.

පහත රවිගේ ලිපිය ගැන කීම ට පසන් වන මට ඇත්තේ එපමණය.

024